මේඝවර්ණාභය

සිංහල විශ්වකෝෂය වෙතින්
12:46, 12 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මහසෙන් (ක්‍රි.ව. 276-303) රජුගේ ඇමතියෙකි. රජු මහා විහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහසෙන් (ක්‍රි.ව. 276-303) රජුගේ ඇමතියෙකි. රජු මහා විහාරය විනාශ කරවීම නිසා කෝපයට පත් හෙතෙම මලය රටට පලා ගොස් මහා බල සේනාවක් සංවිධාන කරගෙන රජු හා සටනට අවුත් දුරතිස්ස වැව සමීපයෙහි කඳවුරු බැඳ ගත්තේ ය. මොහු සටනට පැමිණි බැව් ඇසූ රජු වැවේ අනිත් පැත්තේ කඳවුරු බැඳ ගත්තේ ය.

එහෙත් ඇමතියා තමාට ලැබුණු රසවත් ආහාරයක් රජුට පිරිනැමිම නිසා දෙදෙනාගේ සමගිය උදාවිය. නැවත මහා විහාරය තැනවීමට ගිවිස්සේ ය.

අනතුරුව මේඝවර්ණාභය ඇමතියා අවශ්‍ය උපකරණ රැස්කරවා මහා විහාරය නැවත ගොඩනැංවූයේය.


ආශ්‍රිත ග්‍රන්ථ

මහාවංශය - ගුණපාල වීරසේකර

A Concise History of Ceylon - C. W. Nicholas

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මේඝවර්ණාභය&oldid=5872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි