ලුවී මෞන්ට්බැට්න්

සිංහල විශ්වකෝෂය වෙතින්
21:18, 12 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1900-1979). (Louis Mountbatten). බ්‍රිතාන්‍ය නාවික හමුදා සේනාධිප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1900-1979). (Louis Mountbatten). බ්‍රිතාන්‍ය නාවික හමුදා සේනාධිපතියෙකි. පළමුවන, දෙවන ලෝක සංග්‍රාමයන්හි දී රාජකීය නාවික හමුදාවේ සේවය කිරීමෙන් උසස් කීර්තියක් අත්කර ගත්තේ ය. ඔහු වඩ වඩා ජනප්‍රිය වූයේ ඉන්දියාවේ ප්‍රතිරාජ ධුරය ඉසුලූ කාලයෙහි ය. මෞන්ට්බැට්න් බ්‍රිතාන්‍ය නාවික අද්මිරාල්වරයෙක් වූ ලුවී ඇලෙක්සැන්ඩර් කුමාරයාගේ පුත්‍රයෙකි. වින්ඩ්සර්හි දී උපන් හෙතෙම රාජකීය නාවික ඇකඩමියේ අධ්‍යාපනය ලබා සොළොස් වියේ දී යුද සේවයට බැඳුණේ ය. නාවික හමුදාවේ උසස් නිලතල කීපයක් ම දැරූ ඔහු දෙවන ලෝක සංග්‍රාම සමයේ දී නාවික සේනාධිපති ධුරය ද සවන ජෝර්ජ් රජතුමාගේ ආරක්ෂක නිලධාරී පදවිය ද දැරී ය. යුද්ධයෙන් පසු ඉන්දියාවේ ප්‍රතිරාජ පදවියට පත් වූ මෞන්ට්බැට්න් ඉන්දියාවේත් පකිස්තානයේත් ඩොමීනීයන් ආණ්ඩු පිහිටුවීමෙහි ලා බොහෝ සෙයින් උපකාර විය.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)