මුදල් පණත්

සිංහල විශ්වකෝෂය වෙතින්
21:29, 12 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Money Bills). බදු ක්‍රමය පිළිබඳ රෙගුලාසි වෙනස් කිරීම,...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Money Bills). බදු ක්‍රමය පිළිබඳ රෙගුලාසි වෙනස් කිරීම, අවලංගු කිරීම, සංශෝධන හා පැනවීම පිළිබඳ වගන්ති, ඇතුලත් වූ ව කෙටුම්පත්, ණය ගෙවීම් සඳහා (imp) පරිපාලන හෝ අනිකුත් මූල්‍ය අරමුණු සඳහා වියදම්, සංහෘත අරමුදල පිළිබඳ හෝ අනෙකුත් මහජන අරමුදල එසේත් නැතහොත් පාර්ලිමේන්තුව මඟින් වෙන් කරන ලද මුදල් සම්බන්ධ වූ ගෙවීම්, වෙන් කිරීම් හෝ අවලංගු කිරීම මුල් කොටගත් පණත් ද කිරීටයට හෝ වෙනත් අධිකාරියකට හෝ පුද්ගලයකුට දීමනාවක් කිරීම එවැන්නක් වෙනස් කිරීම හෝ අවලංගු කිරීම සම්බන්ධ වූ ද මහජන මුදල් වැය කිරීම, භාරගැනීම, කපා ගැනීම, ආයෝජනය, නිකුත් කිරීම නැතහොත් ගණන්හිලව් පිළිබඳ වූ පනත් ද ඕනෑම ණයක් වැඩි කිරීම හෝ සහතික කිරීම එවැන්නක් ආපසු ගෙවීම, එවැනි ණයක් සම්බන්ධ වූ නිදන් අරමුදලක් ගොඩනැගීම, වෙනස් කිරීම, පරිපාලනය, අවලංගු කිරීම සම්බන්ධ වූ පනතක් ද ඉහත සඳහන් විෂයන්ට අදාළ වෙනත් සීමා වූ කරුණක් සම්බන්ධ වූ ද මහජන කෙටුම්පත් මුදල් පනත් ලෙස හැඳින්වේ.

මුදල් පනතක් කුමක් ද යන්න තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කථානායකවරයාට පැවරේ. ඔහු සොලිසිටර් ජෙනරාල් හෝ ඇටෝනි ජෙනරාල් සමඟ සාකච්ඡා කළ යුතු වේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තුන්වන වරට කියවූ පසු කථානායකවරයා ඒ පිළිබඳ සලකා බලයි. ඇටෝනි ජෙනරාල්වරයා සමඟ සාකච්ඡා කළ පසු ඒ පිළිබඳ සහතිකයක කථානායකවරයා විසින් කරනු ලබයි. මෙම සහතිකය කිසිම උසාවියක ප්‍රශ්න කළ නොහැකි අවසන් තීරණයක් වේ. උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් පනත නැවත පැමිණි පසුව කථානායකවරයා නැවතත් පනත සහතික කළ යුතු ය. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ දී මුදල් පනතේ සංශෝධනය කිරීම වැළකීමට කිසිවක් ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. එතෙක් එක්සත් රාජධානියේ නම් එය සාම මණ්ඩලය සතු වරප්‍රසාද බිඳ දැමීමකි. උත්තර මන්ත්‍රී මණ්ඩලය සතුව ඇති මෙම වරප්‍රසාදය ව්‍යවස්ථාවේ අංක 27 වගන්තිය මඟින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ආපසු ලබාගැනීමට අයිතිය තිබේ. එවැනි ව්‍යවස්ථාවක් උත්තර මන්ත්‍රී මණ්ඩලය එවැනි සංශෝධනයක් කිරීමෙන් වැළකීමට කිසිවක් නොමැත. මේ අනුව මුදල් පනතේ උත්තර මන්ත්‍රී මණ්ඩලයට යන විට මුදල් පනතක් උත්තර මන්ත්‍රී මණ්ඩලයේ දී සංශෝධනය වූ පසු එය අවශ්‍යයෙන් ම මුදල් පනතක් නොවේ. යම් සංශෝධනයක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මතවූ පසු පතන සහතික කළ හැකි ද යන්න සඳහා පරීක්‍ෂා කළ යුතුවේ. මෙම සහතිකය ද තීරණාත්මක වේ.

මුදල් පනතක් පිළිබඳ විග්‍රහය 1911 පාර්ලිමේන්තු පනත මඟින් පිළිගනු ලැබිණ. එම විග්‍රහයේ සඳහන් වන කරුණුවලට බාහිර වූ කරුණු මුල්කොට ගත් පනත් මුදල් පනත්වේ ද යන්න විවේචනය වී ඇත. යම් අරමුදලක් පාලනය කිරීම සම්බන්ධ කොමිසමක් සම්බන්ධ වූ පනතක් මුදල් පනතක් වේද යන්න ප්‍රශ්නයකි. මෙහි දී සැලකිය යුත්තේ අරමුණ බව විවේචකයන්ගේ මතයයි.

මුදල් පනතක් සම්මත වීම

මුදල් පනත් උත්තර මන්ත්‍රී මණ්ඩලයට පමණක් ඉදිරිපත් විය යුතු ය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත විය යුතු වේ. සැසිවාරයක අවසාන වී යටත් පිරිසෙයින් මසකටවත් පෙර උත්තර මන්ත්‍රී මණ්ඩලයට යැවිය යුතු ය. උත්තර මන්ත්‍රී මණ්ඩලය මඟින් සම්මත නොකරන ලද නම් එහි යවා මසක් තුළ දී රාජකීය අවසරය සඳහා එය ඉදිරිපත් කෙරේ. අග්‍රාණ්ඩුකාරතුමා විසින් අනුමැතිය දුන් පසුව පාර්ලිමේන්තු පනතක් බවට පත් වේ. (උත්තර මන්ත්‍රී මණ්ඩලයේ කැමැත්ත නොමැතිව ද) අන් සැම පනතක් මෙන් ම මුදල් පනතක් ද සැම මණ්ඩලයක දී ම තෙවරක් කියවිය යුතු ය.

(කර්තෘ: තිස්ස ඊරියගම: 1968)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මුදල්_පණත්&oldid=5945" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි