මුංකොටුවේ අබේසිංහ රාළ

සිංහල විශ්වකෝෂය වෙතින්
23:15, 12 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('== මුංකොටුවේ අබේසිංහ රාළ == සිංහල කවීන් හිටිවන ක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මුංකොටුවේ අබේසිංහ රාළ

සිංහල කවීන් හිටිවන කවි කීමේ තරඟයට මෙහෙයවා ඔවුන්ගේ සමත්කම් බලා ප්‍රීති වන පිණිස සිංහල රජුන් පැවැත් වූ කවිකාර මඩුවෙහි කීර්‍තති ශ්‍රී මහ වාසල සමයෙහි සිටි විරුදු හා පරොහු කීමෙහි සමත් කවියෙකි. හේවාහටු මුංකොටුව ඔහුගේ නිජ භූමිය වූ හෙයින් හේ මුංකොටුවේ රාළ නමින් හැඳින්විණ. පරම්පරා නාමය වශයෙන් ව්‍යවහාර කළේ 'අබේසිංහ' යනුයි. මොරතොට මාහිමි චරිතය පැවැසෙන මොරතොට වතත් සඟරාජ වතත් මොහුගේ සාහිත්‍ය කෘතීහු වෙති.

"මහණ වෙලා ගෙන් ගෙට බත් සඟවා

එහෙම කරල අඹු දරුවන් තැනුවා

ඔහොම නිඟා කර දෙලොව රැවටුවා

කොහොම කීද මුංකොටු හීරලුවා"

යන කවිකාර මඩුවෙහි විරුදුව ඔහු මහණ වි සිට සිවුරු හැර ගිහි දිවිපෙවෙතට බට කෙනකු බව කියයි. මීට වඩා මොහු ගැන තොරතුරක් සොයා ගැනීමට නැති.

(කර්තෘ: ඩී.සී. දිසානායක: 1958)

(සංස්කරණය නොකළ)