අවයෝග

සිංහල විශ්වකෝෂය වෙතින්
09:08, 29 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඒ ඒ දිනවල උදාවන නැකත් තිථි අනුව යෙදෙන අශුභඵලදා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඒ ඒ දිනවල උදාවන නැකත් තිථි අනුව යෙදෙන අශුභඵලදායක කාල විශේෂයක් අවයෝග නමින් හැඳින්වේ. ඉරුදිනයෙහි විසා‚ අනුර, දෙට, බෙරණ, මුව සිරිස, අද, මා යන නැකත් හා 4, 7, 12 යන තිථි ද සඳුදිනයෙහි විසා, අනුර, කැති, පුවසළ, උතුරුසළ, මා යන නැකැත් හා 6, 11 යන තිථි ද කුජ දිනයෙහි සුවණ, සියාවස, දෙට, දෙනට, පුවපුටුප, අද යන නැකත් හා 5, 7, 9, 10 යන තිථි ද බුදදිනයෙහි දෙනට, බෙරණ අස්විද, මුල, රේවති, පුවපුටුප යන නැකත් හා 1, 2, 3, 8, 10 යන තිථි ද ගුරුදිනයෙහි සියාවස, මුවසිරිස, පුවපල්, අද, රෙහෙණ යන නැකත් හා 6, 8, 9 යන තිථි ද කිවිදිනයෙහි පුෂ, අස්ලිස, මා, දෙට, විසා, අනුර, රෙහෙණ යන නැකත් හා 2, 7, 8, 10 යන තිථි ද ශනිදිනයෙහි උතුරුපල්, හත, සිත, රේවති, සුවණ, පුවසළ, පුනාවස යන නැකත් හා 6, 7, 8, 11 යන තිථි ද අවයෝගයි. මේ යෝග උදාව ඇති කල ශුභ වැඩ නොකළ යුතු බව දැක්වේ. අවයෝගය ඇතැම් ග්‍රන්ථවල මීට මඳක් වෙනස් අන්දමින් විස්තර කොට ඇත.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවයෝග&oldid=6113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි