ආදි ඉබ්න් සෙයිද්
සිංහල විශ්වකෝෂය වෙතින්
14:58, 1 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(-604). මහම්මත් සමයට පෙර විසූ ක්‍රිස්තු භක්තික අරාබි කිවියෙකි. අල්-හීරයේ කුලීන පවුලකට අයිති වූ හෙතෙම රාජ සේවය පුහුණු වනු පිණිස පර්සියානු රාජ සභාවට යවන ලද්දේය. පෙරළා සිය රටට පැමිණි පසු ද පර්සියාවේ අඛ්මයිද් පරම්පරාවේ රජවරුන් හා සම්බන්ධකම් පැවැත්වූ හෙතෙම විරුද්ධවාදීන් විසින් මරුමුවට පත් කරන ලදි. මිදි පානයත් ලෞකික බලයේ සහ උදාරත්වයේ අස්ථිර බවත් ඔහුගේ කාව්‍යවලට විෂය වූයේය.
(සංස්කරණය: 1965)