අසාෆ්-උද්-දවුලා

සිංහල විශ්වකෝෂය වෙතින්
15:26, 2 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(?−1797). අවුද්හි නවාබ් කෙනෙකි. ෂුජා-උද්-දවුලා(බ.) ගේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(?−1797). අවුද්හි නවාබ් කෙනෙකි. ෂුජා-උද්-දවුලා(බ.) ගේ පුත්‍රයා වූ මේතෙම පියාගේ ඇවෑමෙන් 1775 දී නවාබ් පදවියට පත්විය. අවුද්හි බෙගම්වරියන්ගේ දේපළ බලාත්කාරයෙන් පැහැර ගැනීම ගැන වොරන් හේස්ටිංස් (බ.) ආණ්ඩුකාර තැනට විරුද්ධව නඟා තිබුණ චෝදනාවට මොහු ද සම්බන්ධය. නවාබ් වශයෙන් පත්වීමෙන් පසු බ්‍රිතාන්‍යයන් හා ඇතිකර ගත් අලුත් ගිවිසුමේ ප්‍රකාර අවුද්හි නවතා සිටි හමුදාවන්ගේ නඩත්තුව සඳහා බ්‍රිතාන්‍ය සමාගමට අධික මුදලක් ගෙවීමට මොහුට සිදුවිය. එතරම් කාර්‍ය්‍යක්ෂම පාලකයකු නොවූ මොහුගේ රාජ්‍ය පාලනය දිනෙන් දින ම දූෂිත විය. අවුද්හි නවතා සිටි යුද්ධ හමුදාවේ නඩත්තුව සඳහා ගෙවිය යුතු මුදල ද ගෙවාගත නොහැකි විය. එය ගෙවීමට බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම මගින් බලකරනු ලැබූ කල්හි මෙතෙම ආණ්ඩුකාරතැනගේ අනුමතිය පිට අවුද්හි බෙගම්වරියන්ගේ ධනය පැහැර ගත්තේය. හේස්ටිංස් ආණ්ඩුකාර තැනට විරුද්ධව නඟන ලද චෝදනා අතුරෙන් මෙය ද එකක් විය. හමුදා නඩත්තුව සඳහා මුදල් ගෙවීම අසාෆ්-උද්- දවුලා නවාබ් තැනට ඉසිලිය නොහැකි බරක් වූ හෙයින් කෝන්වොලිස් සාමිගේ පාලනසමයෙහි දී ඔහු බ්‍රිතාන්‍ය හමුදා අවුද් ප්‍රදේශයෙන් ඉවත් කරන මෙන් ඉල්ලා සිටියේය. නඩත්තු මුදල අඩු කිරීමට ආණ්ඩුකාරතැන එකඟ වූ නමුදු හමුදා ඉවත්කිරීමට කැමති නොවිය. 1797 දී අසාෆ්-උද්- දවුලාගේ මරණය සිදුවිය.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අසාෆ්-උද්-දවුලා&oldid=6263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි