ආනන්දරංගම් පිල්ලෙයි

සිංහල විශ්වකෝෂය වෙතින්
09:12, 3 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1709–1761). ක්‍රි.ව. 1709 දී මදුරාසි ප්‍රාන්තයේ නගරයක්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1709–1761). ක්‍රි.ව. 1709 දී මදුරාසි ප්‍රාන්තයේ නගරයක් වූ පෙරුම්බුර්හි දී උපන් මොහු 7 හැවිරිදි වියේ සිටිය දී සිය පියා වූ තිරුවේන්ගඩ පිල්ලෙයි පවුලත් කැටිව වෙළඳ කටයුතු සඳහා පොණ්ඩිචෙරි පළාතට ගියේය. පියාගේ ඇවෑමෙන් සුළු කලකට පසු පොණ්ඩිචෙරි පළාතේ ප්‍රංස ආණ්ඩුකාරයා විසින් ආනන්දරංගම් පිල්ලෙයි, පෝර්ටෝ නෝවාහි ප්‍රංස රෙදි කර්මාන්ත ශාලාවේ ස්වදේශික ප්‍රධානයා හැටියට ද පසුව ප්‍රංස ආණ්ඩුවේ ප්‍රධාන ස්වදේශික ඒජන්ත තැන හැටියට ද පත්කරන ලදි. ක්‍රි.ව. 1736 දී ආරම්භ කොට මරණය දක්වා ම මොහු දෙමළෙන් ලියාගෙන ආ දින පොතක් හමු වී තිබේ. එය ඉන්දියානු ඉතිහාසය උගන්නවුනට ඉන්දියාවේ ප්‍රංස බලය නැඟීම හා වැටීම ගැන ද ඒ කාලයේ දේශපාලන, සාමාජික හා ආර්ථික තත්වය ගැන ද අවබෝධයක් ඇති කර ගැනීමට ඉතා ප්‍රයෝජනවත්ය.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]