ආන්ටීබ්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:17, 3 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Antibes) . අග්නිදිග ප්‍රංසයේ ආල්ප් - මරීටීම් පළාතේ ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Antibes) . අග්නිදිග ප්‍රංසයේ ආල්ප් - මරීටීම් පළාතේ පිහිටි මධ්‍යධරණී වරායකි. ක්‍රි. පූ. 340 දී ග්‍රීකයන් විසින් ඇන්ටිපොලිස් යනුවෙන් ඉදි කරනු ලැබූ මෙය රෝම යුගයේ දී වැදගත් නගරයක් බවට පත් විය. 9 වැනි ශත වර්ෂයේ දී සැරසන්වරුන් විසින් විනාශ කරනු ලැබූ මෙය පසුව ප්‍රෝවාංස්හි ආදිපාදවරුනට හිමි විය. 1746 සහ 1815 සටන්වල දී මෙහි බලකොටු ඉදි කරන ලදි. වයඹ දිගින් පිහිටි ආන්ටිබ් තුඩුව ශීත ඍතුවෙහි දී ජනප්‍රිය විනෝද ස්ථානයකි. වියළි පලතුරු,ලුණු මාළු, ඔලිව් තෙල්, දුම්කොළ, සුවඳ විලවුන් සහ වයින් වර්ග මෙයින් පිටරට යවනු ලැබේ. ජනගහනය (1951) 27,064කි.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආන්ටීබ්&oldid=6289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි