ආදිත්‍ය II (පරකේශරී)

සිංහල විශ්වකෝෂය වෙතින්
13:57, 4 නොවැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(රා.ස. ක්‍රි.ව. 956–969 පමණ). සොළී රජ කුමරෙකි. ඔහු සුන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(රා.ස. ක්‍රි.ව. 956–969 පමණ). සොළී රජ කුමරෙකි. ඔහු සුන්දර චෝළ (රා.ස. 956–973 පමණ) රජුගේ පුත්‍රයා ද රාජරාජ I රජුගේ වැඩිමහල් සොහොයුරා ද විය. රාජ්‍යය හිමි කුමරා වූ ඔහු රජපදවිය නොලැබ ම අකාලයේ මිය ගියේය.

ආදිත්‍ය කුමරු පාලන කටයුතුවල දීත් යුද කටයුතුවල දීත් සිය පියාට සහාය දුන්නේය. සොළී රාජ්‍යයේ උතුරු පෙදෙස පාලනය කිරීම ඔහුට පැවරුණු බව පෙනේ. පාණ්ඩ්‍යයන් හා කළ ශේවුර් යුද්ධයේ දී වීරකම් පෑ ඔහු වීර පාණ්ඩ්‍ය රජු මරා ඔහුගේ හිස සොළී රාජ්‍යයේ අගනුවරට ගෙන ආ බව තිරුවාලංගාවු ලිපිවල සඳහන් වේ. එහෙත් වීර පාණ්ඩ්‍ය පරාජය කළ බව විනා ඔහු මරන ලද බවක් අන් ලිපිවල නොදැක්වෙයි.

එකල රාෂ්ට්‍රකූට ආක්‍රමණයන් නිසා සොළීන්ට අහිමිව තිබුණු දකුණු හා උතුරු ආර්ක‍ොට්, චිංගල්පුත් ආදි ප්‍රදේශ කිහිපයක් ඔහු නැවතත් යටත් කරගත් බව ඔහුගේ ශිලාලිපිවලින් හෙළි වෙයි. පාර්ථිවේන්ද්‍රවර්මන් නමින් හඳුන්වනු ලැබූයේ ද මේ ආදිත්‍ය පරකේශරී ම යයි සමහර ඉතිහාසඥයෝ සලකති.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආදිත්‍ය_II_(පරකේශරී)&oldid=6466" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි