ටල්සා

සිංහල විශ්වකෝෂය වෙතින්
15:23, 20 නොවැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Tulsa). ඇ.එ.ජ.යේ ඔක්ලහෝමා ජනපදයේ ටල්සා කෝරලයේ පිහිට...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Tulsa). ඇ.එ.ජ.යේ ඔක්ලහෝමා ජනපදයේ ටල්සා කෝරලයේ පිහිටි නගරයක් මෙනමින් හැඳින්වේ. මෙය ආකුන්සන් ගං ඉවුර අසල පිහිටා ඇත. ඔක්ලහෝමා ජනපදයේ ඇති දෙවන විශාල නගරය මෙය වේ.

ක්‍රික් ඉන්දියානුවන්ගේ ජනාවාසයක් ලෙස ආරම්භ වුණු ටල්සා නගරයෙහි සුදු ජාතිකයන් පදිංචි වූයේ 1882න් පසුව ය. ක්‍රීක් බසෙහි ‘ටලාසි’ යනු ‘පැරණි නගරය’ යන්නයි. මේ ප්‍රදේශය හරහා දුම්රිය ගමන් ඇරැඹීමත් සමග ඇති වූ සංවර්ධනය 1900-1905 අතර කාලයේ දී තෙල් සොයාගැනීම නිසා තවදුරටත් වේගවත් විය.

තවමත් නගරයෙහි ආර්ථික කටයුතු පදනම් වී ඇත්තේ තෙල් පිළිබඳ ගවේෂණ, කැණීම්, පිරිසිදු කිරීම් හා ඒ පිළිබඳ පර්යේෂණ කිරීම් මත ය. ගුවන් යානා තැනීම ද මෙහි ප්‍රධාන කර්මාන්තයකි. සාරවත් කෘෂිකාර්මික ප්‍රදේශයක් මධ්‍යයේ පිහිටි මෙහි වාණිජ මෙන් ම මූල්‍ය කටයුතු ද කෙරේ.

ටල්සා නගරය අසල කෘත්‍රිම ජලාශ හා වැව් කිහිපයක් දක්නට ලැබේ. ආකැන්සස්-මිසිසිපි ජලමාර්ගයේ තොටුපළක් වශයෙන් ද මෙයට හිමිවනුයේ වැදගත් ස්ථානයකි. නගරයේ ජනගහනය 2016 දී 403,090ක් විය.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටල්සා&oldid=6508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි