ආරූඪ ශාස්ත්‍රය
සිංහල විශ්වකෝෂය වෙතින්
11:50, 4 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('යමක් අසන්නට දෛවඥයකු කරා ගිය ප්‍රශ්නකරුවා යම්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
යමක් අසන්නට දෛවඥයකු කරා ගිය ප්‍රශ්නකරුවා යම්කිසි ස්ථානයක නැවතී හිඳ පැන විමසයි ද ඒ ස්ථානයට වැටෙන රාශිය ආරූඪ රාශි නම් වේ. ආරූඪ රාශිය ආදි කොට ඇති අනිකුත් රාශිවල තත්කාල ග්‍රහයන් පිහිටුවා ඒ අනුව ඵලාඵල ප්‍රකාශ කිරීමට ඉවහල් වන ශාස්ත්‍රයට ආරූඪ ශාස්ත්‍රය යයි කියනු ලැබේ. නැගෙනහිරට මේෂ, වෘෂභ යන රාශි ද ගිනිකොනට මිථුනය ද දකුණට කටක, සිංහ රාශි ද නිරිතට කන්‍යාව ද බටහිරට තුලා, වෘශ්චික රාශි ද වයඹට ධනු රාශිය ද උතුරට මකර, කුම්භ රාශි ද ඊශාන දිගට මීනය ද පිහිටුවා චක්‍රයක් තනා ගැනීමෙන් ප්‍රශ්නකරු නැවතී සිටින තැනට වැටෙන ආරූඪ රාශිය පහසුවෙන් ම සොයා ගත හැක. ඉන්පසු ඒ ඒ රාශිගත ග්‍රහයන්ට අනුව ඵලාඵල ද කිව හැකිය.
(සංස්කරණය: 1965)