ආල්කාසාර්

සිංහල විශ්වකෝෂය වෙතින්
13:55, 4 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ස්පාඤ්ඤයේ මුවර් (ඉස්ලාමික) රාජ්‍ය පාලකයන් විස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ස්පාඤ්ඤයේ මුවර් (ඉස්ලාමික) රාජ්‍ය පාලකයන් විසින් තනවන ලද මාළිග විශේෂයකි. බොහෝවිට ප්‍රාකාරයන්ගෙන් වට වූ ආල්කාසාර් මාළිග බලකොටුවක ආකාරය ඉසිලීය. අල්හම්බ්‍රා මාළිගය (බ.) මේ පිළිබඳ විශිෂ්ට නිදර්ශනයකි. සෙවිල්හි තනවන ලද ආල්කාසාර් මාළිගය වැදගත්කමින් හා අලංකාරයෙන් දෙවැනි වනුයේ අල්හම්බ්‍රා මාළිගයට පමණි. ආල්කාසාර් මාළිගය රෝමවරුන්ගේ හා මුවර්වරුන්ගේ සුප්‍රසිද්ධ බලකොටුවක් වූ තොලේදෝ (බ.) නගරයේ උස ම කඳු මුදුනෙහි පිහිටියේය. 1936 දී ඇති වූ ස්පාඤ්ඤ කැරැල්ලේ දී මෙය විනාශයට පත්විණි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආල්කාසාර්&oldid=6579" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි