ආවාස්

සිංහල විශ්වකෝෂය වෙතින්
08:54, 6 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('නිරිත දිග ඉරානයේ කුසිස්තාන් පළාතෙහි කාරූන් ග...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

නිරිත දිග ඉරානයේ කුසිස්තාන් පළාතෙහි කාරූන් ගඟබඩ පිහිටි නගරයකි. මධ්‍යම යුගයේ දී මෙහි පැවති නගරය අගිනිස් නම් වී යැයි ඉතිහාසඥයෝ පිළිගනිති. 12 වැනි හා 13 වැනි සියවස්වල දී පමණ අවට ප්‍රදේශයෙහි කෘෂිකාර්මික කටයුතු සඳහා කාරූන් නදිය ආශ්‍රිතව ඉදිකරනු ලැබූ විශාල වාරිමාර්ග ක්‍රමයක නටබුන් ආවාස් නගරයට නුදුරුව දක්නට ලැබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආවාස්&oldid=6592" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි