ආශුර්නසීර්පාල් II

සිංහල විශ්වකෝෂය වෙතින්
09:30, 6 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ක්‍රි.පූ. 885 සිට 860 දක්වා ඇසිරියාව පාලනය කළ නරපති...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍රි.පූ. 885 සිට 860 දක්වා ඇසිරියාව පාලනය කළ නරපතියෙකි. ඇසිරියානු දේශසීමාවන් තරකොට පිනීසියානු නගර කීපයක් යටත් කොටගත් මේ නරපතියා ඇසිරියානු අධිරාජ්‍යය ගොඩනැඟීමෙහි ලා උද්යෝගයෙන් ක්‍රියා කෙළේය. ආශුර්නසීර්පාල් විසින් කලාබ්හි ඉදිකරන ලද මාළිගය රන්, රිදී, ඇත්දත් ආදියෙන් කළ වස්තූන්ගෙන් සමන්විත විශිෂ්ට මන්දිරයක් ලෙස සැලැකේ. මේ මාළිගයෙහි තිබුණ ශිලාලිපි හා කෞතුක වස්තු රාශියක් ම යුරෝපයේ හා ඇමෙරිකාවේ නොයෙක් කෞතුකාගාරවල ප්‍රදර්ශනය කෙරේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආශුර්නසීර්පාල්_II&oldid=6596" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි