ආහන්‍යතාව
සිංහල විශ්වකෝෂය වෙතින්
15:41, 27 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('රසායනික ලෙස ලෝහ යටතේ වර්ග කරනු ලබන බොහෝ ද්රව්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
රසායනික ලෙස ලෝහ යටතේ වර්ග කරනු ලබන බොහෝ ද්‍රව්‍යවලට ලාක්ෂණික වූ ද ඒවාට ම විශේෂ වූ ද ඇතැම් භෞතික ගුණ තිබේ. ආහන්‍යතාව හෙවත් තළා හැඩ ගැස්විය හැකි බව ඉන් එකකි. ආහන්‍යතාව යනුවෙන් බෙහෙවින් අදහස් කැරෙනුයේ ලෝහයක් මටසිලුටු වන ලෙසට තැළීම, තද කිරීම, රෝල් කිරීම යනාදිය කළ හැකි බවට පමුණුවන ගුණයයි. මේ ගුණය සහමුලින් ම වාගේ ලෝහවලට පමණක් සීමා වී තිබේ. ලෝහවල ආහන්‍යතාව පහත සඳහන් පරිද්දෙන් අනුක්රමයෙන් අඩු වී යයි: රන්, රිදී, ඇලුමිනියම්, තඹ, ටින්, ප්ලැටිනම්, ඊයම්, සින්ක්, තුත්තනාගම්, යකඩ, නිකල්. ලෝහයක් කම්බියක හැඩයට ඇද ගත හැකි වන්නේ එහි තන්‍යතාව නිසා යි. ආහන්‍යතාවේ ද තදකමේ ද එක් වීමෙන් තන්‍යතාව හට ගනී. ආහන්‍යතාවත් තන්‍යතාවත් අතර කිට්ටු සම්බන්ධකමක් ඇති වුවත් ලෝහයක තිබෙන මේ ගුණ දෙකේ ප්‍රමාණ වෙනස්ය; සමානවනුයේ ඉතා කලාතුරකිනි.
(සංස්කරණය: 1965)