ආහබ්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:43, 27 දෙසැම්බර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඊශ්‍රායෙල්වරුන්ගේ රජකු වූ ඔම්රිගේ පුත්‍රයාය....' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඊශ්‍රායෙල්වරුන්ගේ රජකු වූ ඔම්රිගේ පුත්‍රයාය. මෙතෙම ඔහුට පෙර විසූ හැමදෙනාට ම වඩා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නපුරු කම් කළ කෙනකුන් හැටියට ශුද්ධ වූ බයිබලයේ සඳහන් වෙයි. ශිදොනීයයන් පාලනය කළ එක්බාල් රජුගේ දියණි වූ යෙශෙබෙල් (බ.) කුමරිය ඔහුගේ භාර්යාව වූවාය. ඔහුගේ රාජ්‍ය සමය ක්‍රිස්තු පූර්ව 875ටත් 853ටත් අතර යයි සලකනු ලැබේ. ඊශ්‍රායෙල් දේශය නිදහස් රාජ්‍යයක් කිරීම, නැති වූ භූමි ප්‍රදේශ නැවත ලබාගැනීම, විදේශිකයන්ගේ ආක්‍රමණ වළක්වා ගැනීම හා රාජ්‍යය උසස් තත්වයකට පැමිණවීම ආහබ්ගේ බලාපොරොත්තුව වූ බව පෙනේ. අරාම්හි බෙන්හදද් රජු සමාරිය වට කළ විට ඊශ්‍රායෙල් දෙවියන්ගේ ආධාරයෙන් ආහබ් ජය ගත් බව සඳහන් වේ. අවුරුද්දක් ඇවෑමෙන් නැවතත් ඊශ්‍රායෙල් රජුට විරුද්ධව සටන් කොට පරාජයට පත් බෙන්හදද් ආහබ්ගේ පියාගෙන් ගත් නුවරවල් ආපසු දීමට හා දමස්කස්හි වීථි තනා දීමට ද පොරොන්දු විය. මින් තෙවසකට පසු රාමොත් ගිලෙයද් ප්‍රදේශයෙහි දී අරාම් නම් රජුට විරුද්ධව කළ සටනක දී වැදුණු ඊ පහරකින් ආහබ් මිය ගියේය. ඉක්බිති ඔහුගේ පුත්‍ර අහශියා රජකමට පත්විය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආහබ්&oldid=6744" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි