ආර්යදාස

සිංහල විශ්වකෝෂය වෙතින්
14:18, 2 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහාසාංඝික නිකායේ ආචාර්‍ය්‍යවරයෙකි. ක්‍රි.ව. 590–660 දී පමණ ජීවත් වූ සේ සලකන කීර්තිමත් ධර්ම විනයධර භික්ෂු නමක් වූ ආර්යදාස පඬිවරයා හියුං සාං තෙරුන් බාමියාන් දේශයට පැමිණි අවදියෙහි එහි විසූ බව එම තෙරුන්ගේ භ්‍රමණවෘත්තාන්තයෙහි දැක්වේ. ආර්යදාස මහතෙරහු හියුං සාං තෙරුන්ට බාමියාන් දේශයේ සිද්ධස්ථාන පෙන්වාදීමාදියෙන් ආධාර කළවුන්ගෙන් ද කෙනෙකි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආර්යදාස&oldid=6837" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි