ආෂිකාගා තකෝජි
සිංහල විශ්වකෝෂය වෙතින්
09:16, 3 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(1305–1358). ජපන් ජාතික දක්ෂ යුද්ධ සේනාධිපතියෙකි. ජපන් ඉතිහාසයේ ආෂිකාගා නමින් හැඳින්වෙන යුද්ධ ආණ්ඩුවේ (ෂෝගුන්) ආරම්භකයා මොහුය. මිනමෝතෝ නම් පෙළපතට මොහු අයත්ය. තුදුස්වන සියවසේ ආරම්භයේ දී ජපානයේ හෝජෝ රාජ්‍ය පාලකයන්ට විරුද්ධව ගෝ දයිගෝ රජු විසින් 1333 දී ගසන ලද කැරැල්ල මැඩ පැවැත්වීමට යවනු ලැබුයේ ආෂිකා ගාය. එහෙත් ගෝ දයිගෝට විරුද්ධව සටන් කරනු වෙනුවට ඔහුට එක් වූ ආෂිකාගා හෝජෝ පරම්පරාව බලයෙන් පහකොට හෝ දයිගෝට බලය ලබා දුන්නේය. එහෙත් 1338 දී ගෝ දයිගෝ රජු හා අමනාප වූ මෙතෙම ජපානයේ ඊසාන පෙදෙසේ නිදහස් රාජ්‍යයක් පිහිටුවා ගෙන එහි රජ කරන්නට පටන් ගති. මොහුගේ ජීවිත කාලයේ ඉතිරි කොටස ඔහුට ගෙවන්නට සිදුවූයේ තම රාජ්‍යයට විරුද්ධව ඇති වූ සිවිල් යුද්ධවලට මුහුණ දෙමිනි.
(සංස්කරණය: 1965)