ආෂිකාගා
සිංහල විශ්වකෝෂය වෙතින්
09:18, 3 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
ජපානයේ මධ්‍යම හොන්ෂු දූපතේ තොසගි පළාතේ පිහිටි නගරයකි. තෝනේ නදියේ ශාඛාවක් අසබඩ වූ මේ නගරය තෝකියෝ නුවරට සැතපුම් 50ක් පමණ වයඹ දිගින් පිහිටා ඇත. 1338–1568 තුළ දී රජ කළ ආෂිකාගා රාජ පරම්පරාවේ මූලස්ථානය වූ මේ නගරය මධ්‍යතන යුගයේ දී සංස්කෘතික මධ්‍යස්ථානයක්ව පැවැතිණි. 13-17 ශතවර්ෂ තුළ දී චීන ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක් සහිත පුස්තකාලයක් ද මෙහි විය. මේ පුස්තකාලය සහ කොන්පියුසියස් තුමා වෙනුවෙන් තැනුණු ආෂිකාගා ගොක්කෝ ආරාමය නගරයේ වැදගත්කම වැඩිකොට පෙන්වන ගොඩනැඟිලිය. පුරාණයේ පටන් ම කපු සහ පටපිළී නිපැදවූ මධ්‍යස්ථානයක් වන ආෂිකාගා වර්තමාන ජපානයේ ඉතා වැදගත් පේෂකාර්මික නගරයකි. ආෂිකාගාහි ජනගහනය (1954) 89,766කි.
(සංස්කරණය: 1965)