අරිට්ඨ-1
සිංහල විශ්වකෝෂය වෙතින්
16:15, 17 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
පද්මාවතී (බ.) දේවියගේ පුත්ර වූ පන්සියක් පසේ බුදුවරයන් අතර ඇතුළු වූ එක් පසේබුදු කෙනෙකි. බරණැස් රජුට අග මෙහෙසුන් වැ සිටි පද්මාවතී දේවියට පූර්වප්රාර්ථනා වශයෙන් මහා පදුම කුමාරයන් ප්රධාන කොට ඇති පුත්රයෝ පන්සියයක් උපන්හ. ඔවුහු වැඩිවිය පැමිණ උයන් කෙළියට ගොස් පියුම් විලෙහි කෙළ නාහු එකෙකි. පියුමෙහි හිඳ විදසුන් වඩා ප්රත්යෙක බෝධිඥානය ඉපැදවුහ, පසේබුදුබවට පැමිණි උන් වහන්සේලා ඉසිගිලි (බ.) පර්වතය තුළට පිවිස ඍද්ධි බලයෙන් රාත්රිස්ථාන දිවාස්ථාන මවාගෙන විවේක සුවයෙන් වාසය කළාහුය. ඉසිගිලි සූත්රයෙහි සඳහන් වන ඒ පසේ බුදුවරයන්ගේ නාමාවලියෙහි මුලින් ම සඳහන්ව ඇත්තේ අරිට්ඨ පසේ බුදුන්ගේ නාමයයි. උපරිට්ඨ, තගරසිඛී, යසස්සී ආදි අනික් පසේබුදුවරයන්ගේ නම් ආදිය ඉසිගිලි සූත්රයෙන් දතයුතුය.
(සංස්කරණය: 1965)