අරිට්ඨ-5

සිංහල විශ්වකෝෂය වෙතින්
16:20, 17 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මොහු වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයාගේ දොළොස් යක්රැටියන් අතුරෙන් එක් යක්රැටියෙකි. යක්ෂ සේනාවට අනුශාසනා කිරීම යක්රැටියනට අයත් කාර්‍යය වෙයි. ඔවුහු වෛශ්‍රවණ හට දැන්විය යුතු හසුන් ගෙන ගොස් ද්වාරරක්ෂායෙහි නියුක්ත යක්ෂයන්ට දන්වාලති. ඒ යක්ෂයෝ යක්රැටියන්ගේ හසුන් මහරජුට දන්වත් (ආටානාටිය සූත්‍රවර්ණනා).

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරිට්ඨ-5&oldid=6966" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි