අ'න්-1
සිංහල විශ්වකෝෂය වෙතින්
12:52, 21 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Earn). දකුණු මධ්‍යම ස්කොට්ලන්තයේ ප'ත්ෂයර්හි පිහි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(Earn). දකුණු මධ්‍යම ස්කොට්ලන්තයේ ප'ත්ෂයර්හි පිහිටි විලකි. එනමින් ගඟක් ද එහි වේ. ග්ලැසියර ඛාදනයෙන් සෑදී තිබෙන විලෙහි දිග සැතපුම් 6, 1/2කි. වැඩි ම පළල සැතපුම් 4/5කි. වැඩි ම ගැඹුර අඩි 287කි. විල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමින් අඩි 317ක් ඉහළිනි. මෙයින් පිටවන අ'න් ගඟ සැතපුම් 46ක් පමණ නැගෙනහිරට ස්ට්‍රැත'න් මිටියාවත ඔස්සේ ගලාගොස් ටේ ගං මෝයෙන් මුහුදට වැටේ.
(සංස්කරණය: 1965)