අලම්ගීර් II

සිංහල විශ්වකෝෂය වෙතින්
16:05, 21 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අලම්ගීර් II (අසීස් උද්දීන්) (රා.ස. 1754-1759). මෝගල් අධිරාජ්‍යයේ පරිහානි සමයේ සිටි අධිරාජයෙකි. අහමද් ෂා නම් අධිරාජයාගේ කාලයේ දී සැඟවී හුන් අසීස් උද්දීන් නම් මොහු රජ බවට පත් වූයේ අලම්ගීර් නමිනි. මේ කාලයේ දී අධිරාජයා ඉමාද් උල් මුල්ක් නම් වසීර් (පුරෝහිතයා) අත වූ පඹයකු වැනි විය. ඉමාද් උල් මුල්ක තෙමේ රජුන් තනන්නෙක් ද රජුන් නසන්නෙක් ද විය. ඔහු 1754 දී අහමද් ෂා අධිරාජයා සිහසුනෙන් පහකොට ඔහුගේ ඇස් අන්ධ කර අලම්ගීර්ට අධිරාජ සිහසුන ලබා දුන්නේය. අලම්ගීර් නිදහස්ව ස්වාධීනව ක්‍රියා කරන්ට ඉටා ගත්තේය. එහෙත් එම ක්‍රියා කලාපය නොරිස්සු ඉහත කී වසීර්ගෙන් අලම්ගීර්ට ලැබුණේ නිදහස වෙනුවට මරණයයි. මෝගල් අධිරාජ්‍යය ද එන්ට එන්ටම දුබල තත්වයට පැමිණෙන්නට වන.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලම්ගීර්_II&oldid=7070" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි