අරිප්පු

සිංහල විශ්වකෝෂය වෙතින්
12:51, 31 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකාවේ වයඹ දිග වෙරළේ මන්නාරමට සැතැපුම් 13ක් දකුණින් ද අරුචි ආරු (මල්වතු ඔය බ.) මෝයට සැතැපුම් බාගයක් පමණ දකුණින් ද පිහිටි කුඩා නගරයකි. අරිප්පු නගරය පුරාණයේ මෙන් ම දැනුදු මසුන් මැරීමේත් මුතු කිමිදීමේත් වැදගත් මධ්‍යස්ථානයකි.

ක්‍රි.ව.1660 දී උඩරට රාජ්‍යයෙහි සිරකරනු ලැබූ රොබට් නොක්ස් 1679 දී මල්වතු ඔයේ නිම්නය ඔස්සේ විත් ලන්දේසි බලකොටුවක් සහ තොටක් තුබුණු අරිප්පු නගරයේ දී ලන්දේසීනට එක්වූ බව ඔහුගේ ලංකා විස්තරයෙහි දැක්වේ.

බාල්දියස් නම් ලන්දේසි ඉතිහාසකරු කියන පරිදි අරිප්පුව රාජසිංහරජු සතුව පැවති ප්‍රදේශයක් විය. 17 වන ශත වර්ෂයේ අග කොටසේ දී ලන්දේසීන්ට අයත් වූ මෙහි පාසලක් සහිත ක්‍රිස්තියානි පල්ලියක් වූ බව ද ඔහු සඳහන් කර ඇත.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරිප්පු&oldid=7144" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි