අරුග්ගම්මන
සිංහල විශ්වකෝෂය වෙතින්
12:56, 31 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
මෙය සබරගමු පළාතේ කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළයෙහි දකුණු කඳුපිට කොට්ඨාසයට අයත් ග්‍රාමයෙකි. රුවන්වැල්ලට සැතපුම් දහයක් පමණ උතුරින් වූ මේ ග්‍රාමය, දැනට වසා දමා ඇති කරඳවත්ත මිනිරන් පතලය නිසා ප්‍රසිද්ධ විය. බෝගල මිනිරන් පතල් ඇත්තේ ද අරුග්ගම්මනට නුදුරුවය. දේශගුණය හිතකර නිසාත් භුමිය සාරවත් නිසාත් මෙහි තේ, රබර්, වී සහ පුවක් වගාව දියුණුව පවතී.
(සංස්කරණය: 1965)