අලිගැට පේර

සිංහල විශ්වකෝෂය වෙතින්
08:43, 11 පෙබරවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න
CamScanner 10-12-2023 09.17 1.jpg
(පෙර්සෙයා අමෙරිකානා—Persea Americana Mill). ලොරාසේ (Lauraceae) කුලයට අයත් මේ ගස අඩි 30ක් පමණ උසට වැඩේ. කොළ අඟල් 4 සිට 12 දක්වා දිගය.ඒවා ඉලිප්සාකාර හෝ ප්‍රත්‍යණ්ඩාකාර (obovate) හෝ විය හැකිය.කොළයේ දාරය සම්පූර්ණය (entire). ඒකාක්ෂවල (raceunes) මල් හටගනී. ඒවා කුඩාය. පලාවන් පාටය. රවුම්, ලොකු, මාංසල ඇටයක් අඩංගු විශාල අෂ්ටි ඵල (drupes) මේ ගසෙහි සෑදේ. ඵලයක් රාත්තල් දෙක දක්වා බරය. තුනී ලෙල්ල සහ ඇටය අතර කහපාටට හුරු මොළොක් මාංසයක් ගනකමට තිබේ. වෙඬරු වැනි මේ මොළොක් ද්‍රව්‍යය අමිශ්‍රව හෝ හකුරු සීනි කිරි වැනි දේ සමග මිශ්‍රකොට හෝ කෑමට ගනු ලැබේ. ඉදෙන්නට ප්‍රථම ගෙඩි කඩා ඒවා මොළොක් වන තුරු ටික දවසක් තිබිය යුතුය.

මේ ශාකයේ ජන්මභූමිය නිවර්තන ඇමෙරිකාවය. පෙරදිග නිවර්තන ප්‍රදේශවල ද මෙය බහුල ලෙස වවනු ලැබේ. අලිගැට පේර ලංකාවේ සඵල ලෙස වැවෙන්නේ තරමක් උස් ප්‍රදේශවලය.ගෙඩි හට ගන්නේ වැඩි වශයෙන් ජූලි සහ අගෝස්තු මාස්වලය. හොඳ ගසකින් ගෙඩි 500ක් පමණ අවුරුද්දකට ලබා ගන්නට පුළුවන.මේ ගස් වවාගනු ලබන්නේ ඇටවලින් හෝ අතු බැඳීමෙන්(layering) (අතු බැඳීම බ.) හෝ ශාඛා බද්ධ කිරීමෙනි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලිගැට_පේර&oldid=7162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි