අශ්වලායන

සිංහල විශ්වකෝෂය වෙතින්
12:12, 28 පෙබරවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍රි.ව. පෙර 400 පමණ කාලයේ ජීවත් වූ සෘෂිවරයෙකි. හේ ශෞනකාචාර්යයන් කෙරෙන් වෛදික පූජාසංස්කාර විධි හදාළේය. ඔහු විසින් ශ්‍රෞතසූත්‍රයක් හා ගෘහ්‍යසූත්‍රයක් ද ඓතරෙය ආරණ්‍යකයෙහි සිවුවැනි ආරණ්‍යකය ද රචනා කරන ලදි. ඍග්වේදයට අයත්, විද්‍යමානව පවත්නා සූත්‍ර අතුරෙන් අශ්වලායනගේ ශ්‍රෞතසූත්‍රයක් ගෘහ්‍යසූත්‍රයන් ආදිතම වෙයි.

කාත්‍යායන ඍෂිවරයා අශ්වලායනගේත් ශෞනකගේත් කෘතීන් විශේෂයෙන් ම හදාළ බව සඳහන් වේ.

(කර්තෘ: ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශ්වලායන&oldid=7519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි