අහිබල චක්‍රය
නිධි පරීක්ෂාවට මත්තෙන් නැකත් පිහිටුවීම සඳහා ස්ථානද්වාර මුඛය සොයාගත යුතුයි. ගෘහයක නම් එහි ප්‍රධාන දොරටුව ද බාහිර තැනක නම් ශේෂ (භූමි) නාගයාගේ හිස පිහිටි දිශාව හෝ චන්ද්‍රයා සිටි දිශාව හෝ ද්‍රව්‍යාධිපතියා ඒ ස්ථානයට ප්‍රවේශ වන දිශාව හෝ ස්ථානද්වාර මුඛය වශයෙන් ගෙන එහි කැති නැකත ද උභය පාර්ශ්වයෙහි බෙරණ, මා නැකත් ද ආදී වශයෙන් සෙසු නැකත් ද වින්‍යාස කළ යුතුයි. පහත දක්වන වින්‍යාසයෙන් මෙය පැහැදිලිවේ: යම්කිසි භූමියක පොළොව යට වස්තු ඇද්දැයි දැන ගැනීම සඳහා දෛවඥයකුගෙන් ප්‍රශ්න කළ විට තත්කාලික සූර්යාදි ග්‍රහයන්ගේ හා නක්ෂත්‍රයන්ගේ පැවැත්ම අනුව එය විසඳීමට නියමිතය. මේ අනුව හිරු සඳු දෙදෙන ම සඳුට අයිති නැකතක සිටි කල ද දෙදෙන ඔවුනොවුන්ගේ නැකත්වල සිටි කල ද පොළොව යට වස්තුව ඇති බවත් දෙදෙන ම හිරුගේ නැකතක වී නම් සතුන්ගේ ඇට හා ශල්‍ය ඇති බවත් මින් විපරීත වූයේ කිසිවක් නැති බවත් චන්ද්‍රයා ක්‍රෑර ග්‍රහයන් සමඟ සිටි කල තිබෙන ද්‍රව්‍ය වුවද නොලැබෙන බවත් සඳහන් වේ.
මේ හැර පොළොව යට ඇති ස්වර්ණරජතාදි වස්තු හැඳින ගැනීම, ඒවා පිහිටි ස්ථාන හා ඒ කෙතරම් යට ද යන බව, ලබාගත හැකි ද නැද්ද යන බව, ද්‍රව්‍ය සංඛ්‍යාව නිගමනය කිරීම, වස්තුවලට භුතාධිගෘහිත ද නැද්ද යන බව හා භූතාදීන්ට කළයුතු පුද පූජාදිය ද දැනගැනීමට ඉවහල් වන උපදෙස් නරපති ජයචර්යාදි ග්‍රන්ථවල ඇතුළත්ය.
(සංස්කරණය: 1965)
