ඉරිරන්නා

සිංහල විශ්වකෝෂය වෙතින්
10:53, 4 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ලුටියානුස් කස්මිරා — Lutianus kasmira Forskal). වෙරළ අසල මුහු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ලුටියානුස් කස්මිරා — Lutianus kasmira Forskal). වෙරළ අසල මුහුදෙහි දක්නට ලැබෙන කරදිය මත්ස්‍යයෙකි. ඌ අඟල් 15ක් පමණ දිගය; තද කහ පාටය; ශරීරයෙහි නිල් පාට පටු ඉරි 4ක් හෝ 5ක් හෝ වැටී ඇත. පිධානයෙහි (operculum) කත්තුවක් දක්නට ලැබේ. වරල් කහපාටය. පෘෂ්ඨීය වරල්වල නිල්පාට මධ්‍යක්ෂ ඉරක් වැටී ඇත. අනික් වරල්වල පාද දුඹුරුපාටය. මේ මත්ස්‍යයා වැලිරන්නා නමින් ද හැඳින්වේ. ඉරිරන්නා අක්ටිනොප්ටෙරිගි (බ.) උපවර්ගයෙහි පෙර්සිපෝමේස් (Perciformes) ගෝත්‍රයෙහි ලුටියානිඩෙ (Lutianidae) කුලයට අයත් වේ.

(සංස්කරණය: 1970)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉරිරන්නා&oldid=7782" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි