ඉන්නල

සිංහල විශ්වකෝෂය වෙතින්
13:10, 7 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('[කොලෙයුස් රොටුන්ඩිපෝලියුස් - Coleus rotundifolius (Poir.) A. Chev. and Per...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

[කොලෙයුස් රොටුන්ඩිපෝලියුස් - Coleus rotundifolius (Poir.) A. Chev. and Perr.] ඉන්නල ලබියාටෙ කුලයට අයත් ශාකයකි. මේ පැළ කුඩාය, මිටිය. කඳ තරමක් ස්ථූලය. නටු සහිත අණ්ඩාකාර කොළ මාංසලය, සුගන්ධය. සමහර මුල් මහත් වී ආකන්ද සෑදේ. මේ ආකන්දවල ආහාර (කාබොහයිඩ්රේට්) ගබඩා වී තිබෙන නිසා ඒවා කෑමට ගනු ලැබේ. ඒකාක්ෂවල පිහිටි කුඩා නීල ලෝහිත මල්වල මුකුට ද්වි- ඕෂ්ඨිය. ආහාර පිණිස අල ලබාගැනීමට ලංකාවේ ද ඉන්නල වවනු ලබයි. මේ ශාකය මලයාවෙන් ලංකාවට ගෙනෙන ලදැයි සිතිය හැකිය. (අල බලන්න.)

(සංස්කරණය: 1970)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉන්නල&oldid=7816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි