ඉෆේ

සිංහල විශ්වකෝෂය වෙතින්
14:29, 9 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('නයිජීරියාවේ බටහිර ප්‍රාන්තයේ ඉබාදාන් (බ.) නගරය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

නයිජීරියාවේ බටහිර ප්‍රාන්තයේ ඉබාදාන් (බ.) නගරයට සැතැපුම් 100ක් පමණ ඊසාන දිගින් පිහිටි නගරයකි. 15 වැනි ශතවර්ෂය පමණේ දී ප්‍රබලව සිටි බෙනින් රජපෙළපතේ මෙන් ම ඔවුන්ගෙන් අනතුරුව යොරුබා ජනපද පිහිටුවාලූ යොරුබා ගෝත්‍රිකයන්ගේ ද මූලස්ථානය වූයේ ඉෆේ යැයි ඉතිහාසඥයන් නිගමනය කර ඇත. බෙනින්හි රාජධානිය ඉෆේ පෙදෙසින් සංක්‍රමණය වූ ජනකායක් විසින් පිහිටුවන්නට ඇත්තේ එම පෙදෙසට පෘතුගීසීන් පැමිණීමට ශතවර්ෂ තුනකට ඉහත දී හෙවත් ක්‍රි.ව. 13 වැනි ශතවර්ෂයේ දී අර්ධ-සහරා ප්‍රදේශයන්හි ව්‍යාප්තව පැවති නෝක් (Nok) සංස්කෘතියෙන් ආභාසය ලත් ලෝකඩ ප්‍රතිමා ශිල්පය සම්බන්ධයෙන් ඉෆේ පෙදෙස ප්‍රසිද්ධියක් උසුලයි. වර්තමාන ඉෆේ නගරය (1963) 1,10,000 ක ජනගහනයකින් යුත් කාර්ය බහුල වෙළඳ නගරයකි. ඉෆේහි විශ්වවිද්‍යාලයක් ද ඇත.

(සංස්කරණය: 1970)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉෆේ&oldid=7841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි