ඉන්දුමතී
සිංහල විශ්වකෝෂය වෙතින්
12:29, 10 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
විදර්භ දේශාධිපති භෝජරජුගේ නැඟණියයි. ඇය පිළිබඳ කථා ප්‍රවෘත්තිය කාලිදාසගේ රඝුවංශයෙහි විස්තර වේ. යොවුන් විය පත් රූපශ්‍රීයෙන් හෙබි ඒ කුමරියට සුදුසු වල්ලභයකු ඇය විසින් ම තෝරාගැනීම පිණිස ස්වයංවර මංගල්‍යයකට පැමිණෙන ලෙස අයැද භෝජරජ නානාදේශාධිපති රජවරුන්ට හසුන්පත් යැවීය. නියමිත දිනයෙහි ඕ තොමෝ මල්මාලාවක් ගෙල පැලඳවීමෙන් අජ කුමරු තම වල්ලභයා වශයෙන් තෝරා ගත්තාය. විවාහ මංගල්‍යයෙන් පසු අජ කුමරා ඇය කැටුව අයෝධ්‍යා පුරය බලා ගියේය. ඔවුන් දෙදෙනාගේ සහවාසයෙන් දශරථ කුමරුගේ උත්පත්තිය විය. හදිසියේ මිය ගිය ඉන්දුමතියගේ වියෝගයෙන් දුක්වන අජ කුමරුගේ විලාපය රඝුවංශයෙහි අනුවේදනීය ලෙස වර්ණිතය.
(සංස්කරණය: 1970)