ඉන්දු-යුරෝපීය භාෂා
යුරෝපයේ වැඩි හරියකත් ආසියාවෙන් ඓරාණය (ඉරානය), ඉන්දියාව ආදී කිහිප රටකත් පැතිර පවත්නා එකිනෙකට නෑ සබඳකම් දක්වන භාෂා රැසක් වේ. .ඉන්දු-යුරෝපීය යන නමින් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබෙන මේ භාෂාවන් කෙරෙන් ඉංග්‍රිසි ස්පාඤ්ඤ ආදී සමහරක් ජන්මභූමිනට ම සිමා නොවී ලොව පුරා පැතිර යෑම නිසාත් එම භාෂාවන් ව්‍යවහාර කරන්නන්ගේ බලය ලොව පුරා පැතිර යැම නිසාත් ඒ භාෂා අද මිනිස් සංහතියෙන් හරි අඩක පමණ දෛනික වාව්‍යවහාරය බවට පත් වී ඇත. ඒ මතු නොවේ. ප්‍රතිචීන සංස්කෘතියේ මහා භාෂා සියල්ල ද ඉරානයේ හා භාරතයේ භාෂාවන්ගෙන් වැඩි හරියක් ද මේ ඉන්දු - යුරෝපීය කුලයට අයත් වේ. යුරෝපයේ බාස්ක්, මැග්යාර්, ලැප්, ෆිනිෂ්, තුර්කි යන භාෂා හැර අවශේෂ භාෂා සියල්ල ම පාහේ මේ කුලයේ වේ. මෙයට ඉන්දු-යුරෝපීය යන නම වහරනුයේ මෙහි ප්‍රාව්‍යතම භාෂා ඉන්දියාවෙහි ද ප්‍රතීව්‍යතම භාෂා යුරෝපයෙහි ද පැවැති හෙයිනි. එහෙත් මේ නම් සාධාරණ වශයෙන් සියල්ලන් විසින් පිළිගන්නා ලද්දක් නොවේ. ජර්මනියේ පණ්ඩිතයෝ ඉන්දු - ජර්මන් යන නමින් ද ඉතාලියේ පණ්ඩිතයෝ ආර්‍ය්‍ය- යුරෝපීය යන නමින් ද මේ භාෂා කුලය හඳුන්වති. එහෙත් එංගලන්තය, ප්‍රංසය, රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ආදි රටවල පණ්ඩිත ජන ව්‍යවහාරයේ පවත්නා නම් ඉන්දු-යුරෝපීය යනුයි. එහෙයින් බහුජන සම්මත වූ එම නම මෙහි ද යොදනු ලැබේ.
ඉන්දු - යුරෝපීය කුලයට අයත් භාෂා විශේෂ සියල්ල ම ප්‍රාග්-ඓතිහාසික එක ම වාග්ව්‍යවහාරයෙක ප්‍රභේද ලෙස සැලැකේ. එහි ඔවුනොවුන් අතරෙහි අද විද්‍යමාන වෙනස්කම් කාලාන්තර ප්‍රභේදයෙන් හා දේශාන්තර ප්‍රභේදයෙන් ජනිත වු දෑ ලෙස සැලැකේ. ඒ ආදිකල්පික මූලභාෂාවෙන් ලිඛිත කිසිදු සටහනක් නැත. එහෙත්, එම වාග් ව්‍යවහාරය කෙබඳු වී දැයි යනු වෛදික සංස්කෘත, අවෙස්තික, හිටයිට්, ග්‍රීක ආදි එහි අපත්‍ය භාෂාවන්ගේ පුරාණතම ලේඛන අනුසාරයෙන් සිතාගත හැකි වේ. ඒ සඳහා ඇනටෝලියාවේ බෝසස්කොයි ආදි ස්ථාන කිහිපයක පසට යට වී තිබී මෑතක දී මතු කැර ගනු ලැබුණු මෘත්ඵලක දහස් ගණනක සටහන් වී ඇති ප්‍රබන්ධ රාශියක් අතිශයෝපකාරි වේ. මේ ප්‍රබන්ධ වනාහි හිටයිට් (හත්ති) යන නමින් හඳුන්වනු ලැබෙන ඈත අතීතයෙහි කීර්තිමත්ව වැජඹි රණශූර ආර්යය ජාතියකගේ රජයේ ලේකම් මිටියකි. කීලාක්ෂරයෙන් ලිඛිත එහි භාෂාව වෛදික සංස්කෘතයට ඉතා කිට්ටු සබඳකම් දක්වන්නකි. මේ ලේකම් මිටිය යටත් පිරිසෙයින් ක්‍රිස්තු පූර්ව තුදුස්වැනි ශතකයට අයත් සේ තත්ත්වඥයෝ සලකති. එහි එන වාව්‍යවහාරය වෛදික සංස්කෘත,අවෙස්තික, ප්‍රාක්තන ග්‍රීක ආදිය හා සසඳා බැලීමෙන් ඉන්දු - යුරෝපීය මූල භාෂාවේ ස්වභාවය යන්තමකින් හෝ දැනගැන්මෙහි වර්තමාන වාග් විද්‍යාඥයෝ සමර්ථ වෙති.
(1) ඉන්දු-ඓරාණිය (2) ආර්මීනියානු (3) ඇල්බේනියානු (4) ස්ලාවික (5 )බෝල්තික ( 6 ) ග්‍රීක ( 7 ) ඉතාලි ( 8 ) කෙල්තික ( 9 ) ජර්මනික (10) ටොබාරියානු ( 11 ) හිටයිට් යනු විසින් වර්තමාන ඉන්දු-යුරෝපීය භාෂා උපකුල එකොළොසෙක ලා සාමාන්‍යයෙන් වර්ග කරනු ලැබේ.
ඉන්දු-ඓරාණීය උපකුලය ඇතැම්හු ආර්ය යන නමින් ද හඳුන්වති. එහි ඇතුළත් වන භාෂා ඉන්දික ය ඓරාණික ය දාර්ශික යයි ගණ තුනකට බෙදනු ලැබේ. ඉන් ඉන්දිකයෙහි ලේඛන ඓරාණිකයෙහි ලේඛනයන්ට වඩා වයසින් පුරාණතර ද පමණින් විශාලතර ද වේ. දාර්දිකයෙන් කැරුණු පුරාණ ලේඛන නැත.
ඉන්දිකයට අයත් පුරාණතම ලේඛන වේද යන නමින් හැඳින්වෙන රචනා සංහිතා සතරකි. ඒ අතුරෙනුදු ඍග් වේද සංහිතාවෙහි එන මන්ත්‍ර ඉපැරණිය. වේද මන්ත්‍ර ඉතා නිර්මලව රැකගනු සඳහා නොයෙක් උපක්‍රම පුරාණාචාර්යයන් විසින් යොදා ගන්නා ලදින් එම මන්ත්‍ර පාඨ ප්‍රාග්-ඓතිහාසික ඉන්දික භාෂාවේ ස්වභාවය දක්වන මහාර්ඝ දර්පණ තලයක් වැන්න. ඒ මතු නොවේ. ඉන්දු-යුරෝපීය මූලභාෂාවේ ස්වභාවය ද එහි ඇසිරෙන් යන්තමකින් හෝ දත හැකි වේ. වේදකාලීන භාෂාව අනුක්‍රමයෙන් වෙනස් වී ගොස් ක්‍රිස්තු පූර්ව සතරවැනි ශතකය හරිය වන විට අද සංස්කෘත නමින් හඳුන්වනු ලැබෙන භාෂාවේ ස්වරූපය ගෙන තිබිණි. ඒ වකවානුවේ වැජඹි පාණිනි නමැති මහා වෛයාකරණයන්ගේ පරිශ්‍රමයෙන් එවක ප්‍රචලිත ඒ වාව්‍යවහාරය වියරණ මගින් සකස් කරන ලදි. එසේ සංස්කරණය කරනු ලැබුණු හෙයින් ඒ බස අද සංස්කෘත නමින් හඳුන් වනු ලැබේ. පාණිනිගේ සමයෙහි දී කථා ව්‍යවහාරයෙහි ප්‍රචලිත භාෂා විශේෂ කල්යෑමේ දී වැඩි ගොස් මධ්‍යකාලීන ප්‍රාකෘත බවටත් අනතුරු යුගයෙහි හින්දි, වංග. සිංහල ආදි නව ඉන්දු - ආර්යය භාෂා බවටත් පෙරැළිණ.
ඓරාණික භාෂාවලියේ පුරාණ යුගයෙන් ව්‍යවහාරද්වයක ලේඛන ලැබේ. ඒ ව්‍යභාරද්වය පුරාණ පාරසිකය අවෙස්තිකය යන දෙනමින් හඳුන්වනු ලැබේ. පුරාණ පාරසිකයෙන් ලැබෙනුයේ ශිලා ලේඛන කිහිපයක් පමණකි. එයිනුදු ඵෙරාණයේ බෙහිස්තූන්හි පර්වතයක මුහුණතේ කීලාක්ෂරයෙන් කොටා තිබෙන ත්‍රිභාෂා ලිපියය දිගුතම. පුරාණ පාරසික, ඇකේඩියානු, එළමිතික යන තුන් බසින් ලිඛිත එහි ක්‍රිස්තු පූර්ව 521 සිට 486 දක්වා වැජඹී මහා දාරියුස් ( ඩේරියස්) රජුගේ වික්‍රමය වර්ණිතව ඇත්තේ. මෑතක් වන තුරු ඉන්දු - යුරෝපීය භාෂාවකින් රචිත පුරාණතම සමකාලීන ඓතිහාසික ලිපිය ලෙස සැලැකුණු මේ කෞතුක වස්තුව යැ කීලාක්ෂර පඨනයට ද දොර අළ යතුර. අවෙස්තික ව්‍යවහාරයට සප්‍රමාණ ලේඛන ලැබෙනුයේ අවෙස්තා යන නමින් හැඳින්වෙන පාරසික ධර්ම ග්‍රන්ථ සමුච්චයෙහිය. ඒ භාරතීය වේදයට සමානය. එහෙත් කාලයෙන් එයට කණිටුතර යැයි ඇතැමුන් සලකන ග්‍රන්ථ සමුච්චයකි. එහි වයස ගැන මතභේද පවතිතත් එද යටත් පිරිසෙයින් ක්‍රිස්තු පූර්ව ප්‍රථම සහස්‍රකයේ ප්‍රථම භාගයෙහි ලා තත්ත්වඥයන්ගෙන් වැඩිදෙනෙක් සලකති. එහි එන පුරාණතම ප්‍රබන්ධ වූ කලි ගාථා යන නමින් හැඳින්වෙන පද්‍යරචනා විශේෂයකි. මේ ගාථාවන්හි භාෂාව වෛදික භාෂාවේ දේශීය ප්‍රභේදයක් කොට සැලැකිම්ට තරම් තුඩුදෙන සම්බන්ධතාවක් දක්වන වාග් ව්‍යවහාරයකි.
මධ්‍යතන ඓරාණික යුගය ක්‍රිස්තු පූර්ව 300 සිට ක්‍රිස්තු වර්ෂයෙන් 900 දක්වා පැතිර සිටී. මේ ද මධ්‍යතන භාරතීය යුගය හා සමකැලි වේ. එකල පාරසික අධිරාජ්‍යයේ නිලබස වූ පහ්ලවිය මධ්‍යතන ඓරාණිකයේ මුල්තැන ගනී. මධ්‍යතන යුගාරම්භයෙහි ම වාගේ ග්‍රන්ථාරූඪ වූ තවත් ඓරාණිය වාව්‍යවහාර දෙකකි. ඒ වනාහි පාරසික අධිරාජ්‍යයේ ප්‍රාච්‍ය ප්‍රදේශයන්හි පැවැති සොග්දියානු භාෂාවත් උදිව්‍ය ප්‍රදේශයන්හි පැවැති ශක භාෂාවත්ය. මේ පුරාණ වාග්ව්‍යවහාරයන්ගෙන් හින්න වූ භාෂා විශේෂ අදත් තත් ප්‍රදේශයන්හි ව්‍යවහාරයේ පවතී.
දාර්දික යන නම යෙදෙනුයේ ඉන්දික හා ඓරාණික ගෝත්‍රද්වයට මැදිව පිහිටි කුඩා භාෂා සමුදායක් හැඳින්වීමටය. හින්දුකුෂ් කඳුකරයේ පිහිටි කුඩා ජනපදයන් හි ව්‍යවහාර වන ශිනා, චිත්‍රාලි, බග්ගාලි, පශායි හා කෝභිස්තානි යන ප්‍රාදේශික වාග් ව්‍යවහාර ද උත්තර කාශ්මීරයේ ව්‍යවහාර වන කාශ්මීරිය ද මේ ගෝත්‍රයේ භාෂාවෝ වෙති. මොවුන් කෙරෙන් සැලකිය යුතු ලිඛිත සාහිත්‍යයක් ඇත්තේ විසි ලක්ෂයක පමණ ජනකායකගේ ජන්ම භාෂාව වන කාශ්මීරියට පමණකි.
(2) ආර්මීනුයානු : කොකේසස් කඳුකරයේ දක්ෂිණ භාගයෙහි ද ප්‍රතිව්‍ය තුර්කියෙහි ද ප්‍රචලිත මේ භාෂා උපකුලය අද ප්‍රාව්‍ය, ප්‍රතීව්‍ය වශයෙන් ශාඛා දෙකකට බෙදා සලකනු ලැබේ. ඉන් ප්‍රාව්‍ය ශාඛාව වනාහි කොකේසස් කඳුකරයේ දකුණු දෙස පිහිටි පෙදෙස්හි ලැබෙන වාග්ව්‍යවහාරයයි. මේ බස්වහර ඇසුරු කරන ජනකාය වසන පෙදෙසින් එක් කොටසක් සෝවියට් සංගමය තුළද අනෙක් කොටස ඉරානයෙහි ද පිහිටියේය. ප්‍රතීව්‍ය ආර්මිනියානු වාග් ව්‍යවහාරය ලැබෙනුයේ ප්‍රතිව්‍ය තුර්කියෙහිය. ආර්මීනියානු භාෂාව ස්ව මාතෘභාෂාව වශයෙන් ව්‍යවහාර කරන ජනයා යුරෝපයේ ඇතැම් පෙදෙස්හි ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ද සාමූහිකව වෙසෙති.
ආර්මීනියානු භාෂාව තදාසන්න වාග් ව්‍යවහාරයන්ගේ බලපෑම්වලට ගොදුරුව විකෘතියට පත් වූවකි. මේ විකෘතභාවය කොතරම් දැයි කියතහොත් මෑතක් වන තුරුත් ආර්මේනියානු භාෂාව ඓරාණික ප්‍රාදේශික ව්‍යවහාරයක් ලෙස සැලැකිණි. එහෙත් දැන් එම භාෂාවේ සාමාන්‍ය ස්වභාවය වාග්විද්‍යාඥයෝ දකිති. ඒ ඉන්දු - යුරෝපීය භාෂා කුලයේ ස්වාධීන උපකුලයක් බවට ඔවුනට සැකයක් නැත. එහෙත් එහි නියම තත්වය තවමත් සපුරා හෙළි වී නැත. ප්‍රතීච්‍ය ආසියාවේ හා ඊශාන යුරෝපයේ ඈත අතීතයේ පැතිර පැවැති ෆ්‍රිජියානු නමැති පුරාණ ඉන්දු-යුරෝපීය භාෂා විශේෂය හා ආර්මේනියානු භාෂාව සම්බන්ධ කරන්නට ඇතැම් වාග්විද්‍යාඥයන් තැත් කර තිබේ. එහෙත් ඔවුන්ගේ ඒ පරිශ්‍රමය සාර්ථක වී නැත. එයට ප්‍රධාන හේතුව ෆ්‍රිජියානුව මෘතභාෂාවක් වීම ම නොවේ ; එහි නෂ්ටාවශේෂයන් පූර්ණ පරීක්ෂණයකට ප්‍රමාණවත් නොවීමයි.
(3) ඇල්බේනියානු: මේ භාෂා උපකුලයේ පුරාණ ඉතිහාසය අප්‍රකටය. එහි පුරාණතම ලේඛනය වනුයේ ක්‍රිස්තු වර්ෂයෙන් තුදුස් වැනි ශතකයේ කැරුණු කුඩා පබඳෙකි. ඒ වනාහි ශුද්ධ මතෙවගේ ශුභාරංචියේ අනුවාදයකි. එයට පසුව ලැබෙනුයේ ක්‍රි.ව. 1686 දී පමණ සකස් කැරුණු ලතින්-ඇල්බේනියානු ශබ්දකෝෂයකි. මෙයට අනතුරුව ආගමික පත්පොත් කිහිපයක් කැරුණ ද නියම සාහිත්‍ය කෘති මෑතක් වන තෙක් ද බිහි වුණේ නැත.යන්තමකින් හෝ එවැන්නක් සේ ගත හැකි ප්‍රථම කෘතිය වනුයේ ඉකුත් ශතකයේ සකස් කැරුණු ජනකථා සංග්‍රහයකි.
වර්තමාන ඇල්බේනියානු භාෂාවෙහි ප්‍රාදේශික ව්‍යවහාර දෙකකි. ඉන් එකක් වර්තමාන ඇල්බේනියාවෙහි උතුරු කොටසෙහි ද අනෙක දකුණු කොටසෙහි ද පවතී. උතුරෙහි පවත්නා භාෂා ව්‍යවහාරය ගෙග් නමි. දකුණෙහි පවත්නා භාෂා ව්‍යවහාරය ටොස්ක් නම් වේ. මේ දක්ෂිණ ව්‍යවභාරය ඇල්බේනියාවේ දේශ සීමා ද පැන පැතිර පවත්නා එකකි. ඒ ග්‍රීසියෙහිත් ඉතාලියෙහිත් වෙසෙන ඇල්බේනියානු ජාතිකයන්ගේ මාතෘ භාෂාව වේ.
ආර්මේනියානු භාෂාව මෙන් ඇලේබේනියානු භාෂාව ද ලතින්, ග්‍රීක්, ස්ලාවික් හා තුර්කි යන භාෂාවලින් ආ තත්සම ශබ්දයන්ගෙන් ගහනය.
(4,5)ස්ලාවික හා බෝල්තික : මේ භාෂා ඇතැම්හු උපකුල දෙකක් කොට ද ඇතැම්හු එකම උපකුලයක් කොට ද සලකති. මේ දෙවග අතරෙහි බොහෝ සාධාරණ ලක්ෂණ ඇතත් ඒවා එකිනෙකින් වෙන් කොට දක්වන විශේෂ ලක්ෂණ වැඩි හෙයින් දෙකක් කොට සැලැකීම වඩා යුක්ති යුක්ත බව පෙනේ.
ස්ලාවික උපකුලය ප්‍රාව්‍ය යුරෝපයෙහි පැතිර පවත්නා මහා භාෂා කිහිපයකින් සමන්විත වූවකි. එහි පුරාණතම ලේඛන ස්ලාවික වර්ගයාගේ ක්‍රිස්තියානිය වැලඳ ගැනීම හා සමකාලීන වේ. ක්‍රිස්තු වර්ෂයෙන් නවවැනි ශතකයේ මැදහරියේ සිරිල් ය මෙතෝදියුස් ය යන ක්‍රෙස්තව ධර්ම දූතයන් දෙදෙනෙක් බයිබලය තත්කාල ස්ලාවික වාග් ව්‍යවහාරයට පරිවර්තනය කළහ. මොවුන්ගේ මේ බයිබල අනුවාදයේ එන පුරාණ ශාසනික ස්ලාවොනික යන නමින් හැඳින්වෙන ඒ පුරාණ වාග් ව්‍යවහාරයය අදත් රුසියානු ක්‍රෙස්තව ශාසනයේ ආගමික භාෂාව.
කථා ව්‍යවහාරයෙහි අද පවත්නා ස්ලාවික භාෂා දක්ෂිණ, ප්‍රතිව්‍ය, ප්‍රාව්‍ය වශයෙන් ගණ තුනක ලා සලකනු ලැබේ. එහි දක්ෂිණ ගණයෙහි බල්ගේරියානු, සර්යබෝ - ක්‍රොඒෂියානු හා ස්ලොවීනියානු යන භාෂාද ප්‍රතිව්‍ය ගණයෙහි චෙක්, ස්ලෝවක්, පෝලිෂ් හා වෙංඩිෂ් යන භාෂාද, ප්‍රාව්‍ය ගණයෙහි මහා රුසියානු, ධවල රුසියානු හා අල්ප රුසියානු යන භාෂා ද වැටේ. සෝවියට් සංගමයෙහි රාජ්‍ය බලය පැතිර යෑම් නිසා නිල බස වන මහා රුසියානුව අද ප්‍රාච්‍ය යුරෝපයේ සිට සකල උත්තර ආසියාවෙහි ම පැතිර වැජඹෙන ජගද් භාෂාවකි. මෙසේ ගණ තුනකට බෙදනු ලැබුණ ද වර්තමාන ස්ලාවික භාෂාවන් අතරෙහි පවත්නා භේද අල්පමාත්‍ර වේ. ඉන් එකක් දන්නා කෙනකුට අනෙක් භාෂා සියල්ලම වුව පහසුවෙන් උගත හැකි වේ. එහෙයින් ඔවුන්ගේ බෙදී යෑම ඉතා මෑත භාගයෙහි සිදු වූවක් යයි සැලකිය හැකියි.
බෝල්තික උපකුලය ජීවමාන භාෂා දෙකකින් සමන්විතය. ඒ දෙකම කුඩා දෙරටකට සීමා වූ අල්පේශාක්‍ය භාෂාවන් වූව ද, ඉන් එකක් වන ලිතුවේනියානුව වාග් විද්‍යාවෙහි වෙසෙසි තැනක් ලැබෙන උත්කෘෂ්ට ශාස්ත්‍රීය අගයක් ඇති භාෂාවකි. එහි ව්‍යාකරණය, ශබ්ද මාලාව හා ස්වර සංස්කෘතයට පුදුම සැබැඳියාවක් දක්වයි.පුත්‍රවාවී සංස්කෘත සූනු (ස්) ශබ්දය ලිතුවේනියානුවෙහි ද ‘සූනුස්’ මැයි. ‘එයි ’යන අරුත ඇති සංස්කෘත ‘එති’ යන ක්‍රියාපදය ලිතුවේනියානුවෙහි ‘එයිති’ යන රුවින් සිටී. මෙසේ පුරාණ ලක්ෂණ නොවෙනස්ව තුබුණ ද මේ භාෂාවෙහි ද පුරාණතම ලේඛනය සේ පවත්නේ නවතර ප්‍රබන්ධයකි. ඒ වනාහි මාටින් ලූතර්ගේ ත්‍රෛස්තව ප්‍රශ්නෝත්තරයට ක්‍රි. ව. 1547 දී කරන ලද අනුවාදයකි.
අනෙක් ජීවමාන බෝල්තික භාෂාව වනුයේ ලෙටිෂ් හෙවත් ලැට්වියානුවය. ඒ ලිතුවේනියානුව මෙන් පුරාණ ලක්ෂණ දක්වන්නක් නො වේ. ඒ පරිණාම ධර්මානුරූපව ශීඝ්‍රව විකාසනය වූවකි. එහි පුරාණතම ලේඛනය ද ක්‍රිස්තු වර්ෂයෙන් සොළොස් වැනි ශතකයෙහි පැබැඳුණකි.
අටළොස් වැනි ශතකයේ ආරම්භය හරියේ දී අභාවයට පත්ව මෘතභාෂා ගණයට වැටුණු ප්‍රෂියානුව ද මේ බෝල්තික ගණයේ භාෂාවකි.
ඉන්දු - යුරෝපීය භාෂාවන් වර්ග කොට මෙතෙක් විස්තර කැරුණු උපකුල පංචකය එක් ගණයකත් අවශේෂ ෂට්කය අනෙක් ගණයකත් ලා ඇතැම් විට සලකනු ලැබේ. මෙසේ බෙදනුයේ එක්තරා ව්‍යංජන විපර්යාසයක් මුල් කැරගෙනයි. මූල ඉන්දු - යුරෝපීය භාෂාවෙහි කණ්ඨතාලව්‍ය ව්‍යඤ්ජනාවලියක් ද විය. එම කණ්ඨතාලව්‍යයන් ඇතැම් තද්භව භාෂාවන්හි ඌෂ්මාක්ෂරයන් බවටත් අනෙක් තද්භව භාෂාවන්හි කණ්ඨජයන් බවටත් පෙරැළුණු වග පෙනේ. මේ වර්ණ විපර්යාසය මුල් කැරගෙන, ඌෂ්මාක්ෂර විපර්යාසය ඇති භාෂා එක් ගණයකත් කණ්ඨජාක්ෂර විපර්යාසය ඇති භාෂා අනෙක් ගණයකත් ලා සැලකේ. ‘සියය’යන අරුත දෙන සංස්කෘත ‘ශත’ ශබ්දය මෙයට ප්‍රමාණවත් නිදර්ශනය කොටගනිති.
සංස්කෘත අවෙස්තික පුරාණ ලිතුවේනියානු
ශාසනික
ස්ලාවොනික
ශතම් සතම් සුතේ ශිම්තස්
ශ්‍රීක ලතින් කෙල්තික ජර්මානික
හෙකතොන් කෙන්තුම් කේක් හුන්ඩර්ට්
මේ නිදර්ශනය ප්‍රමාණ කැරගෙන ඌෂ්මාක්ෂර විපර්යාසය ඇති සංස්කෘතාදිය ‘සතම්’ භාෂා යන නමින් ද කණ්ඨජ විපර්යාසය ඇති ග්‍රීක ආදිය කෙන්තුම් භාෂා යන නමින් ද හඳුන්වනු ලැබේ. සතම් භාෂා ඉන්දු - යුරෝපීය කුලයේ ප්‍රාව්‍ය ශාඛාව සැටියට ද කෙන්තුම් භාෂා එහි ප්‍රතීව්‍ය ශාඛාව සැටියට ද සලකනු ලැබිණි. සර්වත්‍ර වශයෙන් නොලැබෙන මේ පෙරැළිය ප්‍රමාණ කැරගෙන මේ භාෂා කුලය මෙසේ බෙදීමේ ශාස්ත්‍ර යුක්තිය ගැන ඇතැම් වාග්විද්‍යාඥයෝ සැක පළ කෙරෙති. එහෙත් සතම් භාෂාවන්ගේ ගෝචර භූමියෙහි හිටයිට් හා ටොබාරියානු වැනි කෙන්තුම් භාෂාවන්ගේ සම්භවය ද කෙන්තුම් භාෂාවන් වන ග්‍රීක හා ලතින් අතරෙහි ඇල්බේනියානුව වැනි සතම් භාෂාවකගේ සම්භවය ද මේ ප්‍රාව්‍යප්‍රතිව්‍ය වාදය දුර්වල කෙරේ.
(6) ග්‍රීක: අද දවසේ බලයෙන් පිරිහුණු, සංඛ්‍යාවෙන් පිරිහුණු ජාතියක මව්බස වුව ද, ප්‍රමාණයෙන් පිරිහුණු රටක නිලබස වුව ද, ග්‍රීක භාෂාව ප්‍රෞඪ අතීතයක් ඇති සාඩම්බර වාව්‍යවහාරයකි. එහි ඓතිහාසික ගෝචර භූමිය වන වර්තමාන ග්‍රීසිය ඈත අතීතයේ ඉන්දු - යුරෝපීය නොවූ ජාතීනට වාසභූමියක් වූ වග තවමත් වහරෙහි එන කොරින්ත් වැනි ස්ථානනාමාදියෙන් පැහැදිලි වන කරුණකි. එසේ වූ එරටට ඉන්දු - යුරෝපීය භාෂා වහර කළ මනුෂ්‍ය කණ්ඩායම් ක්‍රිස්තු පූර්ව දෙවැනි සහස්‍රකයේ ආරම්භය හරියේ දී සිට කඩා වදින්නට වූ බව පෙනේ. මෙසේ පැමිණියන් කෙරෙන් අන්තිමට පත් ආක්‍රමකයෝ ඩෝරියානු යන නමින් හැඳින් වෙන පිරිසකි. මෙසේ ශතක කිහිපයක් තුළ වරින් වර ග්‍රීසියට කඩාවැදි එය ස්වකීය නිවාස භූමිය කැරගත් මේ ඉන්දු - යුරෝපිය ආක්‍රමකයන්ගේ සංකලනයෙන් ජනිත වූ ජාතියත් භාෂාවත්ය. ඓතිහාසික යුගයේ ග්‍රීක යන නමින් ප්‍රකට වූයේ. මේ ග්‍රීක යනු ඔවුන් තමන්ට කියා ගත් නම් නොවේ; ඒ ඔවුන්ට රෝමකයන් දුන් නම් වේ. තමන් තමන්ට කියා ගත්තේ හෙල්ලේන යන නමයි.
මෙසේ අට ගත් ග්‍රීක භාෂා ව්‍යවහාරය තදාසන්න ප්‍රදේශයන්හි පැතිර ගොස් එවක පැවති භාෂාවන් අවෙස්තික පුරාණ ලිතුවේනියානු අතර විශිෂ්ට ප්‍රභූත්වයක් ලබාගැන්මෙහි සමත් විය. ඉන් රචිත ආදිතම සාහිත්‍ය කෘතිය ලෙස සැලැකෙනුයේ හෝමර් නමැති ග්‍රීක ආදිකවියා විසින් ප්‍රණීත ඉලියඩ් හා ඔඩිසි යන මහකව් දෙකය. මේ මහකව් දෙක ඇතැම් විචාරකයන් ක්‍රිස්තු පූර්ව එකොළොස් වැනි ශතකයෙහි ලා ගනිතත් බොහෝ තත්ත්වඥයෝ එය ක්‍රි. පූ. සත්වැනි ශතකයෙහි ලා සලකති. එහෙත් ග්‍රීක වාග් ව්‍යවහාරයකින් රචිත පුරාණතම ප්‍රබන්ධ මේ කව් දෙක නොවේ. ඒ ගෞරවය ලැබෙනුයේ ක්‍රිස්තු පූර්ව පසළොස් වැනි ශතකයට අයත් සේ ගැනෙන ඵලක රැසක එන ලේඛන සමුදායකටය. නොබෝදා මයිකල් වෙන්ට්‍රිස් නමැති පුරාවිද්‍යාඥයකු විසින් කියවා හෙළි කරනු ලැබුණු මේ අභිලේඛන ග්‍රීක භාෂාව පුරාණතම හිටයිට් ලේඛනයන්හි ලැබෙන භාෂාවත් වෛදික සංස්කෘතයත් හා සමඟ සමකාලීන වූ ඉන්දු- යුරෝපීය ශිෂ්ට වාග්ව්‍යවහාරයක් කරයි. මේ පුරාණතම ග්‍රීක භාෂාව “ මයිසීනියානු” යන නමින් වෙසෙසනු ලැබේ.
මෙසේ වූ අතිපෞරාණිකත්වයක් ඇති ග්‍රීක භාෂාව ඈත අතීතයෙහි දී ප්‍රාව්‍ය ප්‍රතීව්‍ය වශයෙන් ශාඛා දෙකකට බෙදිණි. එහි ප්‍රතිව්‍යය තවදුරටත් ඊයෝලික ය ඩොරික යයි වර්ග දෙකකට බෙදිණි. ප්‍රාච්‍යයෙහිද අයෝනික ය. ඊයෝලික යයි ප්‍රභේද දෙකක් විය. එයින් ඇටික-අයෝනිකය ග්‍රීසියේ ඇටිකා ජනපදයෙහිත් අවරදිග ආසියාවේ අයෝනියා ජනපදයෙහිත් ව්‍යවහාර වී. ඊයෝලිකය බොයිෂියාවෙහිත් තෙසලියෙහිත් ව්‍යවහාර වී. මේ ප්‍රධාන ශාඛා දෙකට අන්‍යතර වූ තුන්වැනි ශාඛාවක් ද වූ බව පෙනේ. ආර්කේදෝ - සිප්‍රියානු යන නමින් හඳුන්වනු ලැබෙන එහි යට කියැවුණු මයිසීනියානුවෙන් භින්න වූවක ලකුණු ඇතැයි තත්ත්වඥයෝ කියති. ඒ ව්‍යහාරය පෙලොපොනීසස්හිත් සයිප්‍රස්හිත් ලැබිණි.
මේ ප්‍රාදේශික ව්‍යවහාරයන් කෙරෙන් ඵෙතිහාසික වශයෙන් වැදගත් වනුයේ ඇතන්ස් නගරයෙහිත් තදාසන්න ප්‍රදේශයන්හිත් ක්‍රිස්තු පූර්ව සිවුවැනි, තුන්වැනි ශතකයන්හි “ ඇටික ” යන අවිශේෂ නාමයකින් හැඳින්වුණු ඇටික-අයෝනික වාග්ව්‍යවහාරයයි. විද්‍යමාන ග්‍රීක කාව්‍යනාටකාදියෙන් වැඩි හරියක් ලියැවී ඇත්තේත් තත්කාල ශිෂ්ට ලෝකයෙහි පැතිර ගියේත් වර්තමාන ග්‍රීක භාෂාවේ ජනිත්‍රිය වූයේත් මේ ඇටික ව්‍යවහාරයයි.
අද ග්‍රීක භාෂාව රාජ්‍ය භාෂාවක් වශයෙන් වර්තමාන ග්‍රීසියටත් සයිප්‍රසයටත් සීමා වෙතත් එය කථා කරන ප්‍රමාණවත් ජන සමූහයක් තුර්කියෙහිත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහිත් වෙසෙති. (7) ඉතාලික උපකුලයෙහි ලා ගැනෙන භාෂා විශේෂයෝ ද ක්‍රිස්තු පූර්ව ද්විතීය සහස්‍රකය හරියේ දී ඉතාලි අර්ධද්වීපයට කඩා වැදුණු ඉන්දු- යුරෝපීය ගෝත්‍රිකයන් විසින් එහි ගෙන එනු ලැබූ වාග් ව්‍යවහාරයෝ වෙති. තත්ප්‍රාග් - ඉතාලික භාෂා ආදියෙහි දී ම වාගේ ඔස්කානු - අම්බ්‍රියානු ය ලතීන-එලිස්කානු යයි ශාඛා දෙකකට බෙදුණු වග පෙනේ.
එහි ඔස්කානු- අම්බ්‍රියානු භාෂාවන්ගෙන් ශේෂව ඇත්තේ අභිලේඛන කිහිපයක් පමණකි. ඔස්කානුවෙන් ලිඛිත අභිලේඛන දෙසිය පනසක් පමණ සොයාගෙන ඇතත් අම්බ්‍රියානුවට ඇත්තේ යුගුබින් ඵලක නමින් හැඳින්වෙන ඵලක සතක අභිලිඛිත ලේඛන සතකි. ඔස්කානු අභිලේඛන ක්‍රිස්තු පූර්ව ප්‍රථම ශතක පංචකය තුළ ද අම්බ්‍රියානු අභිලේඛන එහි ප්‍රථම ශතකයෙහි ද ලිඛිත සේ සැලැකේ. මේ ලේඛන, ගණනින් එතරම් නුවූවත්, එහි එන ප්‍රබන්ධ පරීක්ෂා කොට එහි වාග්ව්‍යවහාරයන්ගේ ස්වභාව තත්ත්වය දැනගැනීමෙහි භාෂා විශේෂඥයෝ වත් වෙති.
ලතීන - එලිස්කානු ගණයෙහි ද එලිස්කානුවේ ස්වභාව තත්ත්වය දැනගැනීමට එම බස් වහරින් අවශිෂ්ටව ඇත්තේ කුදු අභිලේඛන සතියක් පමණ වුව ද ලතීනයේ එසේ නොවේ. රෝම සම්රාජ්‍යයේ නිල බස වී ප්‍රතිව්‍ය යුරෝපය පුරා පැතිර ගොස් තත්සම්රාජ්‍යයේ අභාවයෙන් පසුව ද හවුරුදු දහසකට වැඩි කලක් ප්‍රතිව්‍ය යුරෝපයේ එකම සංස්කෘතික මාධ්‍යයව වැජඹි ලතිනය දීර්ඝ ඉතිහාසයක් ද කාව්‍යනාටකාදි ගද්‍ය පද්‍ය ප්‍රබන්ධයෙන් සමන්විත සාරවත් සාහිත්‍යයක් ද ඇති ප්‍රෞඪ වාග්ව්‍යවහාරයකි. එපමණක් නොව තවමත් ලතිනය රෝමානු කතෝලික ක්‍රෛස්තව සභාවේ ආගමික භාෂාව වේ.
ලතීනයෙහි දු අන්‍ය භාෂාවන්හි මෙන් මුල පටන් ම ග්‍රන්ථ භාෂාවෙහිත් පොදුජන භාෂා වෙහිත් අතරෙක් තිබිණි. රෝම සම්රාජ්‍යය පුරා පතළ ලතීන ජනවහර පෘතුගිසි, ස්පාඤ්ඤ, ප්‍රංස,ඉතාලි, රුමේනියානු යන වර්තමාන යුරෝපීය රාජ්‍ය භාෂාවන්ගේත් ප්‍රොවාංසාල්, සාර්දිනියානු ආදි වැදගත් ප්‍රාදේශික භාෂාවන්ගේත් මාතෘ භාෂාව විය. එසේ නිපන් මේ භාෂාවන් කෙරෙන් ස්පාඤ්ඤ භාෂාව ස්පාඤ්ඤ රාජ්‍යයේ පමණක් නොව ඇමෙරිකාවෙහි ද රාජ්‍ය අටළොසක නිලබස වේ. පෘතුගිසි බස පෘතුගාලය, බ්‍රසීලය යන දෙරජයෙහි ද ප්‍රංස භාෂාව ප්‍රංසය, භයිතිය යන දෙරජයෙහි ද නිලබස වේ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහිත් වෙසෙති මෙහෙයින් ඉතාලික උපකුලයේ වර්තමාන සන්තානයනට ජගද්භාෂා සමාජයෙහි අද ඇත්තේ මුඛ්‍ය ස්ථානයකි.
(8) කෙල්තික උපකුලය ඉතාලිකය හා පොදු ලකුණු රැසක් ම දක්වයි. එහෙත් කෙල්තිකය ක්‍රිස්තු වර්ෂාරම්භයේ පටන් වර්ෂ ශතක ගණනාවක් ම ලතීනය හා නිරන්තරයෙන් ගැටුණු භාෂා කුලයක් වීමත් එයට එම කාලපරිච්ඡේදයට පූර්ව වූ ප්‍රාග්-ඓතිහාසික යුගයෙන් එන ප්‍රමාණවත් සාක්ෂ්‍ය නැති වීමත් මේ සම්බන්ධතාවේ නියම තත්ත්වය දැනගැනීමට බාධාවකි. මධ්‍ය යුරෝපය නිජ වාසභූමිය කොට සිටි කෙල්තික ගෝත්‍රිකයන් ක්‍රිස්තු පුර්ව ප්‍රථම සහස්‍රකයේ අපර භාගයෙහි ආක්‍රමකයන් වශයෙන් වර්තමාන ප්‍රංසය, උතුරු ඉතාලිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය ආදි රටවලට කඩා වැදුණු බව පෙනේ. ඔවුහු එදවස ඉඳුරු දිගට ද යෙමින් අවර ආසියාව ආක්‍රමණය කොට එහි ද පැළපදියම්ව එහි තමන් නැවැතුණු පෙදෙසට ගැලේෂියා යන නව නමක් ද දුන්හ.
කෙල්තිකයන්ගේ ඒ ආක්‍රමකාරී යුගයෙහි දී ස්වකීය වාග් ව්‍යවහාරයන් ද ඒ ඒ රටවල මුල් තන්හි වැජඹුණ ද ඔවුන්ගේ ශක්තියත් ජාතික බලයත් පිරිහෙත් ම ඒ භාෂාවෝ ද පිරිහුණහ. අද කෙල්තික භාෂා ව්‍යවහාර වනුයේ ප්‍රංසයේ එක් කොනකත් බ්‍රිතාන්‍යයේ ඇතැම් ප්‍රතීච්‍ය ප්‍රදේශයන්හිත් අයර්ලන්තයේ ඇතැම් ප්‍රදේශ ඛණ්ඩයන්හිත් පමණකි. ඒ භාෂා කථා කරන්නන්ගේ සංඛ්‍යාව දිනපතා පිරිහෙන බවක් ද තත්ත්වඥයෝ දකිති.
කෙල්තික භාෂා ප-කෙල්තික හෙවත් බ්‍රෙතො නිකය, ක්ව- කෙල්තික හෙවත් ගොයිදෙලිකය යනු විසින් දෙගුණයක ලා සැලැකේ. මේ භේදය දකිනුයේ එක්තරා ව්‍යංජන විපර්යාසයක් මුල් කැර ගෙනය. ඉන්දු - යුරෝපීය කණෙඨෟෂඨජ ව්‍යංජන බ්‍රෙතොනිකයේ ශුදෙධෟෂ්ඨජ බවට ද ගොයිදෙලිකයේ පටිකාශ්‍රිතයන් (velars) බවට ද පෙරැළේ.
බ්‍රෙතොනික ගණයේ වර්තමාන භාෂා දෙකකි. ඒ වනාහි බ්‍රිතාන්‍යයේ ප්‍රතිව්‍ය ජනපදයක් වන වේල්සයෙහි ව්‍යවහාර වෙල්ෂ් භාෂාවත්, ප්‍රංසයේ වයඹ කොනෙහි පිහිටි ජනපදයක් වන බ්‍රිතනියේ ව්‍යවහාර වන බ්‍රෙතොන් භාෂාවත්ය. එයින් වෙල්ෂ් භාෂාව ක්‍රිස්තු වර්ෂයෙන් අට වැනි ශතකයේ සිට අද දක්වා අවිච්ඡින්නව එන වටිනා සාහිත්‍යයක් ඇති ශිෂ්ට වාග් ව්‍යවහාරයකි. බ්‍රෙතොන් භාෂාව වනාහි පස්වැනි ක්‍රිස්තු වර්ෂයෙන් ශතකයෙහි දී පරසතුරනට බියෙන් බ්‍රිතාන්‍යයෙන් පැන ඇවිත් ප්‍රංසයේ වයඹ පෙදෙස්හි පැළපදියම් වූ බ්‍රෙතොනිකයන්ගේ වාග්ව්‍යවහාරයන්ගෙන් පැවත එන්නකි.
පුරාණ කාලයෙහි ප්‍රංසයෙහි හා උතුරු ඉතාලියෙහි පැවැත අභාවයට පත් ගෝලිෂ් වාග් ව්‍යවහාරයන්ද එංගලන්තයේ කෝන්වෝල් ජනපදයේ පැවැත ක්‍රිස්තු වර්ෂයෙන් අටළොස් වැනි ශතකයේ අභාවයට පත් කෝනිෂ් භාෂාව ද බ්‍රෙතොනික විය.
ගොයිදෙලික ගණයෙන් අද ශේෂව පවත්නේ වාව්‍යවහාර දෙකකි. ඒ වනාහි අයර්ලන්තයේ ඇතැම් පෙදෙස්හි ව්‍යවහාර අ’ස් හෙවත් අයිරිෂ් නමැති භාෂාවත්, ස්කොට්ලන්තයේ ඇතැම් පෙදෙස්හි ව්‍යවහාර ගේලික් නමැති භාෂාවත්ය. මෙයින් අ’ස් බස, වෙල්ෂ් මෙන්, සැලැකිය යුතු පුරාණ ඉතිහාසයක් හා සාහිත්‍යයක් ද ඇති ශිෂ්ට ද වාග්ව්‍යවහාරයකි; එහෙත් වර්ෂ ශතක ගණනාවක් මුළුල්ලේ ඉංග්‍රීසි ප්‍රචාරයෙන් පීඩිත වූවකි. අයර්ලන්තයට ස්වාධීනත්වය ලැබීම නිසා එම පීඩනයෙන් මුක්ත වූ එම භාෂාව අද සිය රටේ නිල බස් දෙක කෙරෙන් මුල් තැන ගනී. ස්කොට්ලන්තයේ ටික දෙනකුන්ගේ භාෂාව වන ගේලික් ද ප්‍රචාරය කිරීමෙහිත් දියුණු කිරීමෙහිත් එහි තද්භාෂාප්‍රේමීන් වෑයම් කරන බවක් පෙනේ. බ්‍රිතාන්‍යයත් අයර්ලන්තයත් අතරේ අයිරිෂ් මුහුදේ පිහිටි මෑන් දිවයිනෙහි පැතිර පැවැති මැංක්ස් නමැති ස්වදේශික වාග්ව්‍යවහාරය ද අයිති වනුයේ ගොයිදෙලික ගණයටය. අද මැංක්ස් භාෂාව මෘතප්‍රායව පවතී.
කෙල්තික භාෂාවන්ගේ විපර්යාසයට බෙහෙවින්ම හේතු වූයේ ජර්මනික භාෂාවන්ගේ බලපෑමයි. ජර්මනික ගෝත්‍රිකයන්ගේ උත්ක්‍රමණ ඇරැඹුණේ ප්‍රාක්ක්‍රෙස්තව යුගයේ අන්තිම වර්ෂ ශතකයන්හිය. දහසක් අවුරුද්දකට ද වැඩි කලක් පැවැති එහි ප්‍රතිඵලයක් වශයෙන් අද ජර්මනික උපකුලයේ භාෂා මධ්‍ය හා උතුරු යුරෝපයෙහි ද බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, අයිස්ලන්තය හා ග්‍රීන්ලන්තය යන මහදිවයින්හි ද උතුරු ඇමෙරිකාවෙහි ද දකුණු අප්‍රිකාවෙහි ද ඕස්ට්‍රේලියා මහාද්වීපයෙහි ද නවසීලන්තයෙහි ද ව්‍යාප්ත වී ඇති. එහෙයින් ඒ අද ඉන්දු - යුරෝපීයයෙහි පෘථුලතම ව්‍යාප්තිය ඇති උපකුලය වේ.
(9) ජර්මනික උපකුලය එහි ඓතිහාසික මූලාශ්‍රයන්ගේ පිහිටීම සලකා ප්‍රතිව්‍ය, උත්තර, ප්‍රාව්‍ය වශයෙන් ගණ තුනෙක ලා ගොනු කිරීම මෙතෙක් වාග්විද්‍යාඥයන් අනුදත් ක්‍රමය වුව ද එහි ශබ්ද ධර්මයෙන් සිදු වන එක්තරා ශබ්ද විපර්යාසයක් සලකා, ඒ “ග්ග්ව” ගණය ය, “ව්ව” ගණය යයි දෙගණයක ලා ගොනු කිරීම අලුත් ම ක්‍රමය වේ. ආද්‍ය ජර්මනික “ව්ව්” යනු උත්තර හා ප්‍රාව්‍ය ජර්මනික භාෂාවන්හි “ග්ග්ව්” යන්නට පෙරැළේ. ප්‍රාග්ජර්මනික “ය්ය්” යනු උත්තර හා ප්‍රාව්‍ය ජර්මනිකයෙහි “ ද්ද්ය් ” හෝ “ග්ග්ය් ” යන්නට පෙරැළේ. ප්‍රතීව්‍ය භාෂාවන්හි මේ පෙරැළිය සිදු නොවේ. එහෙයින් මේ ව්‍යංජන විපර්යාසය සිදු වන භාෂා එක් ගණයෙක්හිද එය සිදු නොවන භාෂා අනෙක් ගණයෙක්හි ද ලා මෙසේ ගොනු කරනු ලැබේ.
ඓතිහාසික යුගයේ ආරම්භයෙහි දී උත්තර ජර්මනික භාෂා ලැබෙනුයේ ස්කැන්ඩිනේවියාව හා ඩෙන්මාර්කය යන උතුරු යුරෝපීය රටවලය. මේ භාෂා නෝර්ස් යන නමින් ද හඳුන්වනු ලැබේ. ක්‍රිස්තු වර්ෂයෙන් සිවුවැනි ශතකය හරියේ සිට ස්කැන්ඩිනේවියානු ජාතිකයන්ගේ මහත් ප්‍රසරයක් ඇති විය. එයින් පසු ඔවුන්ගේ පොදු බස් වහර ව පැවැති ඒ නෝර්ස් භාෂාව ද ප්‍රාච්‍ය ප්‍රතීව්‍ය වශයෙන් දෙකඩ විණි. එහි ප්‍රාච්‍ය ව්‍යවහාරයෙන් ස්වීඩිෂ්, ඩේනිෂ් හා ගුට්නිෂ් යන වර්තමාන භාෂා ද ප්‍රතීව්‍ය ව්‍යවහාරයෙන් නෝර්වීජියානු, ෆ්ප්රෝඊස් හා අයිස්ලන්තික යන වර්තමාන භාෂා ද පහළ විය. මේ වර්තමාන නෝර්ස් භාෂා කෙරෙන් පුරාණතම ලිඛිත සාහිත්‍යය ඇත්තේ අයිස්ලන්තයේ භාෂාව වන අයිස්ලන්දිකයටය.
ප්‍රාච්‍ය ජර්මනික භාෂා අද අභාවිතය. එහෙත් ජර්මනික වාග්ව්‍යවහාර සම්බන්ධයෙන් ප්‍රමාණවත් පුරාණතම සාක්ෂ්‍යයක් ලැබෙනුයේ ප්‍රාච්‍ය ජර්මනිකයෙනි. ඒ වනාහි “ ගොතික් ” යන නමින් හැඳින්වෙන ප්‍රාච්‍ය ජර්මනික භාෂා විශේෂයකින් ක්‍රිස්තු වර්ෂයෙන් සිවුවැනි ශතකයෙහි දී වුල්පිලා නමැති දේවගැතිවරයකු විසින් කරන ලද බයිබල අනුවාදයෙකින් අවශිෂ්ට ඛණ්ඩ කිහිපයකි. සම්පූර්ණ ග්‍රන්ථය අද නැතත් ශේෂව ඇති කොටස් ටික භාෂා පර්යේෂණාදි ශාස්ත්‍රීය කටයුතු සඳහා ප්‍රමාණවත් වේ.
ඉහළ ජර්මන්, පහළ ජර්මන්, ෆ්රැංකෝනියන්, ෆ්‍රිසියන් හා ඉංග්‍රීසි යන මොහු ව්ව-ගණයේ ප්‍රධාන ජීවමාන භාෂාවෝයි. මේ වාව්‍යවහාර සියල්ලෙහි ම පුරාතන, මධ්‍යතන, නූතන විසින් අවස්ථා තුනක් භාෂා විද්‍යාඥයෝ දකිති. එහි පුරාතන අවස්ථාව සේ ගැනෙනුයේ ක්‍රිස්තු වර්ෂයෙන් දොළොස් වැනි ශතකයෙන් එපිට කාල පරිච්ඡේදයය. එයත් පසළොස්වැනි ශතකයත් අතරේ කාලය මධ්‍යතනයය. ඉන් මෑත භාගය නූතනයය.
ඉහළ ජර්මන් සඳහා ලිඛිත සාක්ෂ්‍ය බහුල වශයෙන් ලැබෙනුයේ නවවැනි ශතකයේ සිටය. වර්තමාන ජර්මන් භාෂාව මේ ඉහළ ජර්මන් ව්‍යවහාරයෙන් භින්න වූවකි. ප්‍රෞඪ සාහිත්‍යයක් ඇති වර්තමාන ජර්මන් භාෂාවට ජගද් භාෂා සංහතියෙහි ලැබෙන්නේ ඉතා ඉහළ තැනකි.
පහළ ජර්මන් යනු උතුරු ජර්මනියේ හෙවත් පාත ජර්මනියේ පැතිර පැවැති වාග්ව්‍යවහාරය. නවවැනි ශතකයේ සිට එන ලිඛිත සාක්ෂ්‍ය ඇතත්,රාජ්‍ය භාෂා තත්ත්වයක් නැති ඒ අද පිරිහෙමින් පවත්නා පෙදෙසි බස් කිහිපයකින් සමන්විත වාව්‍යවහාර සමුච්චයකි. “ පුරාණ සැක්සන් ” යන නමින් හැඳින්වෙන ප්‍රාක්තන වාග්ව්‍යවහාරය පහළ ජර්මන් ගණයෙහි වූවකි.
ෆ්රැංකෝනියන් භාෂා සම්බන්ධයෙන් පුරාතන යුගයෙන් ලැබෙන සාක්ෂ්‍ය අල්පතර වේ. ඉන් භින්නව එන ප්‍රධාන වර්තමාන වාග්ව්‍යවහාරය වනුයේ ඕලන්දයේ රාජ්‍ය භාෂාව වන “ ඩව් ” හෙවත් ලන්දේසි භාෂාවයි. ඕලන්දයේත් බෙල්ජියමේත් ඇතැම් පෙදෙස්හි ව්‍යවහාර ෆ්ලෙමිෂ් ද පුරාතන ෆ්රැංකෝනියන් ව්‍යවහාරයකින් භින්න වූවකි. දකුණු අප්‍රිකානු ජනරජයේ නිලබස් දෙක කෙරෙන් එකක් වන අප්‍රිකාන්ස් නමැති භාෂාව වර්තමාන ඩච් භාෂාවෙන් භින්න වූවකි.
ඕලන්ද රාජ්‍යයේ උතුරු වෙරළ අසල පිහිටි ෆ්‍රිසියන් කොදිව්හි ව්‍යවහාර භාෂාවද එම නමින් ම හැඳින්වේ. එහි විද්‍යමාන ලේඛන තෙළෙස් වැනි ශතකයෙන් ඔබ්බට නොයයි.
ඉංග්‍රීසි භාෂාවේ මූලස්ථානය එංගලන්තය වුව ද අද එය ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහිත් ඕස්ට්‍රේලියාවෙහිත් නවසීලන්තයෙහිත් එක ම නිලබස වේ; කැනඩාවේ, අයිරිෂ් ජනරජයේ හා දකුණු අප්‍රිකානු ජනරජයෙහි නිලබස් අතුරෙන් එකකි; භාරතයේ තාවකාලික නිලබස වේ. මේ සා මහත් ජගද්ව්‍යාප්තියක් ඇති ඉංග්‍රීසියේ පුරාණතම ලිපි ලේඛන ලැබෙනුයේ අටවැනි ශතකය හරියෙනි. එවක් පටන් අවිච්ඡින්නව එන අතිප්‍රෞඪ සාහිත්‍යයක් ද ඉංග්‍රීසියට වේ. මේ හේතූන් නිසා අද ඉන්දු - යුරෝපීය භාෂා සංහතියේ ඉංග්‍රීසිය ගන්නේ ඉහළ ම තැනය.
ගිය ශතකයේ අග හරියේ දී පුරාණ කාලයේ පැවත අභාවයට ගිය ඉන්දු-යුරෝපීය භාෂා කිහිපයක තොරතුරු හෙළි විණි. මෙසේ හෙළි වූ භාෂා කෙරෙන් “ ටොඛාරියානු ”, “හිටයිට් ” යන නම්වලින් හැඳින්වෙන භාෂා දෙක මුඛ්‍යස්ථානය ගනී.
(10) ටොබාරියානු නෂ්ටාවශිෂ්ට ලැබුණේ මධ්‍යම ආසියාවෙනි. එහි වාව්‍යවහාර දෙකකින් රචිත ලිපි ලේඛන ලැබී ඇත. ඉන් වැඩි හරියක්ම බෞද්ධ ධර්ම ග්‍රන්ථ වේ. ඒ වාග් ව්‍යවහාර දෙක ප්‍රාච්‍ය, ප්‍රතීව්‍ය යනු විසින් දෙගණයක ලා සලකනු ලැබේ. මෙහි ප්‍රාව්‍යය ටොබොරියානු A යන නමින් ද ප්‍රතිව්‍යය ටොඛාරියානු B යන නමින් ද හඳුන්වනු ලැබේ. ප්‍රාච්‍ය ටොඛාරියානු ව්‍යවහාරය පුරාණතර බවත් එය ආගමික කටයුතු සඳහා පමණක් යෙදුණු බවත්ප්‍රතීව්‍ය ටොබාරියානු තත්කාල ව්‍යවහාරයෙහි පැවැති ජන භාෂාව බවත් මේ ලේඛන පරීක්ෂණයෙන් හෙළි වී ඇත.
(11) හිටයිට්: තුර්කි රාෂ්ට්‍රයේ බෝසස්කොයි නම් ස්ථානයෙන් වර්ෂ 1905 දී හා අනතුරු වර්ෂයන්හිත්, අකුරු කෙටූ මෘත්ඵලක රාශියක් ලැබිණි. මේ වූ කලි ක්‍රිස්තු පූර්ව ප්‍රථම සහස්‍රක තුන තුළ ඒ පෙදෙසෙහි වැජැඹුණු බලසම්පන්න ජාතියක ලේඛන සමුච්චයක් බවත් ඒ ජාතිය බයිබලයේ හත්ති යන නමින් හැඳින්වෙන වර්ගයා බවත් පසුව අනාවරණය විණි. මෙසේ හෙළි වුණු ලේඛනයන්හි භාෂා ව්‍යවහාර කිහිපයක් ඇති බව ද ඉන් වැඩි හරියක් ඉන්දු-යුරෝපීය කුලයෙහි ලා ගිණිය යුතු බව ද තවදුරටත් අනාවරණය විණි. ඒ ඉන්දු - යුරෝපීය ලිපි අතරේ භාෂා ව්‍යවහාර පසක නෂ්ටාවශිෂ්ට ඇතැයි කියත්. ඒ බස් වහර පස හිටයිට්, ලුවියන්, පැලයික්, ලිෂියන් හා ලිඩියන් යන නම්වලින් හඳුන් වනු ලැබේ. මෙහි හිටයිට් නමින් හැඳින් වෙන ලිපිලේඛන සංඛ්‍යාව සෙස්සට වඩා බෙහෙවින් ම අධිකතර වේ. ඒ ලේඛනයන්ගේ ආධාරයෙන් ක්‍රිස්තු පූර්ව තුන්වැනි සහස්‍රකයට ද පෙර පැවැති ඉන්දු - යුරෝපීය වාව්‍යවහාරයේ තත්ත්වය අවබෝධ කොටගත හැකිය.
හිටයිට් භාෂාව ආද්‍ය ඉන්දු-යුරෝපීයයෙන් භින්න වූවක් නොව, එය එම අතිපුරාණ ව්‍යවහාර හා සමප්‍රභවයක් ඇති ස්වසා භාෂාවක් ලෙස ඇතැම් විශේෂඥයෝ සලකති. ඒ අනුව ඔව්හු ඒ දෙකෙහිම ජනිත්‍රිය ලෙස එක් ප්‍රාග්-ඓතිහාසික වාග්ව්‍යවහාර යක් දකිති. ඔව්හු එයට ඉන්දු- හිටයිට් යන අන්වර්ථ නාමයක් ද දෙති. එහෙත් මෙම වාදයට භාෂා ලෝකයෙහි සාර්වත්‍රික ප්‍රතිග්‍රහණයක් ලැබී නැති.
ලක්ෂණ : අන්‍යතර භාෂා කුලයන්ගෙන් ඉන්දු - යුරෝපීය භාෂා කුලය වෙන් කොට දක්වන විශේෂ ලක්ෂණ කිහිපයකි. ඉන්දු - යුරෝපීයයෙහි සාමාන්‍යයෙන් පූර්වස්ථිති හා අන්තඃස්ථිති විරලය. පුරුෂ, ස්ත්‍රී, නපුංසක යැයි ලිංගත්‍රයයකි. එහෙත් ඒ ලිංග භේදය නාමපදයනට සීමා වී පවතී. නාම විභක්ති සයක් විය. ක්‍රියා වරනැඟීමෙහි දු සමානාර්ථ විවිධ ධාතූන්ගේ රූප සංකලනයෙන් යෙදීම එහි විශේෂ ලක්ෂණයක් විය. ධ්වනි පද්ධතියෙහි අඝෝෂ අල්පප්‍රාණය අඝෝෂ මහාප්‍රාණ සඝෝෂ අල්පප්‍රාණ ය සඝෝෂ මහාප්‍රාණ යයි රෝධක ව්‍යංජන චතුර්විධ විය. තවද, ඒ ව්‍යංජන උත්පත්තිස්ථාන අනුව කණ්ඨජ ය, කණ්යෞෂ්ඨජ ය, දන්තජ ය, ඕෂ්ඨජ යයි චතුර්විධ විය. ය, ර, ල,ව යයි. අන්තඃස්ථ සතරක් ද න, ම යයි අනුනාසික දෙකක් ද ස යයි ඌෂ්මයක් ද විය. ඉන්දු- යුරෝපීය මූලභාෂාවේ අපර යුගයෙහි දී අන්තඃස්ථයෝත් අනුනාසිකයෝත් ද්විස්වභාව වූහ. එනම්, ඔව්හු ඇතැම් විටක ස්වර ද ඇතැම් විටක ව්‍යංජන ද වූහ. මුල් කාලයෙහි දී එහි වූයේ අ, එ, ඔ යන ස්වර තුන පමණකි. ඒ ස්වර තුන ලුහු ගුරු විසින් සයක් විය. එහෙත් පසු කාලයක ඉ, උ, ( සංවෘත අ), ö (සංවෘත ඔ) යයි තවත් ස්වර සතරක් පහළ විය. උච්චාරණ ස්වරය ගීතවත් විය. අර්ථ භේදය දක්වනු සඳහා එක්මත් ස්වර විපර්යාස විධියක් විය. වර්තමාන ඉංග්‍රීසියෙහි ලැබෙන sing, sang, sung යන රූපයන්හි එනුයේ ඒ පුරාතන ස්වර විපර්යාස විධියෙහි ඡායා මාත්‍රයකි. සෙමිටික් ද්‍රවිඩාදි අන්‍ය භාෂා කුල හා ඉන්දු- යුරෝපීයයෙහි කිසිදු පාරම්පරික ඥාතිත්වයක් හෙළිවී නැත.
පොත්පත්
Hughes, John P.—The Science of Language
Hirt, H.-Die Indogermanen
Childe, V. G.— The Aryana
(සංස්කරණය: 1970)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]