ඉඳුරු

සිංහල විශ්වකෝෂය වෙතින්
15:18, 28 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(සුසුම් අන්තෙල්මින්ටිකුම් — Susum anthelminticum). ලංකාවේ පාතරට ප්‍රදේශවල පොකුණු හා ගංගා අයිනේ වැවෙන ශාකයකි. මලයාවේ ද මෙය හමු වේ.

අඩි 4ක් හෝ 5ක් පමණ උසට වැඩෙන මෙහි කඳ මඩේ දිගා වී තිබේ. සවිවර රිකිලි ජලයේ පාවේ. කඳේ පර්ව කොටය. අඩි 3ක් පමණ දික් වූ කොළ ලන්සාකාරය. බොහෝ කුඩා අතුවලට බෙදුණු අඩි 3ක් පමණ උස සංයුක්ත ඒකාක්ෂවල මල් හටගනී. මල් කොළපාටය, කුඩාය, ද්විගෘහීය. තනි බීජයකින් යුක්ත ඵලය දම් පාට බදරියකි.

ඉඳුරු ෆ්ලගෙලාරියාසේ (Flagellariaceae) කුලයට අයත් ශාකයකි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉඳුරු&oldid=7909" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි