ඉබාරා

සිංහල විශ්වකෝෂය වෙතින්
15:58, 28 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉක්වදෝරයේ අගනුවර වූ කීටෝ නගරයට සැතපුම් 55ක් වයඹ දිගින් පිහිටි නගරයකි. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 7,340ක් පමණ උසය. නුදුරින් පිහිටි ඉම්බාබුරා ගිනිකන්ද විදාරණය වීමෙන් හා නිතර ඇති වන භූමිකම්පාවලින් ඉබාරා නගරයට හානි පැමිණේ. නූතන ඉබාරා නගරය අවට ප්‍රදේශයෙහි කපු වැවීම දියුණුය. කපු රෙදි විවීම හා පැනමා තොප්පි ගෙතීම මෙහි දියුණු කර්මාන්තයෝය.

1962 දී 174,141ක ජනගහනයක් පැවති ඉම්බාබුරා නම් පළාතේ අගනුවර ඉබාරා (13,798) ය.

මෙම නගරය 1597 දී ගොඩනඟන ලද්දේ කීටෝහි ජනාධිපතියකු වූ අල්වාරා ද ඉබාරා විසිනි. ඉක්වදෝරයේ විශාල ප්‍රදේශයක් අල්ලාගත් හුයානා කපාක්ගේ ජයග්‍රාහක සටන් දෙකක් ඉබාරා අසල දී සිදු විය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබාරා&oldid=7920" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි