ඉබ්බාගල

සිංහල විශ්වකෝෂය වෙතින්
09:01, 5 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('කුරුණෑගල නගරයට අයත් ප්‍රදේශයෙහි ඈත සිට බලන්න...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

කුරුණෑගල නගරයට අයත් ප්‍රදේශයෙහි ඈත සිට බලන්නකුට විශාල ඉදිබුවකුගේ හැඩහුරුකමින් පෙනෙන පර්වතයක් වෙයි. ඉබ්බාගල නමින් හැඳින්වෙනුයේ මේ පර්වතයයි. එහි ගල් ලෙනක් තුළ ඉදි කරවන ලද ප්‍රතිමා ගෘහය සහිත විහාරය හේතුකොටගෙන මේ ස්ථානය ප්‍රසිද්ධියට පැමිණියේය. මෙහි පැරණි ලෙන් විහාරයක් ද " වැටකේ පොකුණ යයි හැඳින්වෙන පැරණි පොකුණක් ද වෙනත් ගොඩනැඟිලිවල නෂ්ටාවශේෂ ද දක්නට ඇත. මේ විහාරය කවර කලෙක ගොඩ නඟන ලද දැයි දැක්වීමට ඓතිහාසික සාක්ෂ්‍ය නැත. මෑත දී ගොඩනඟන ලද සංඝාරාම, ධර්මශාලා ආදියෙන් විහාරස්ථානය සකස්ව ඇත්තේය.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්බාගල&oldid=7969" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි