ඉබ්න් අල් අරාබී
සිංහල විශ්වකෝෂය වෙතින්
09:04, 5 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1165 – 1240). අරාබි ජාතික බහුශ්‍රැතයකු වූ මොහු ඉස්ලා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(1165 – 1240). අරාබි ජාතික බහුශ්‍රැතයකු වූ මොහු ඉස්ලාමික දේවධර්මවාදියකු වශයෙන් කීර්තියට පත් වූයේ "ලබ්ධි පුනරුත්ථාපකයා යන උපපදයෙන් ද හඳුන්වනු ලැබීය. ස්පාඤ්ඤයේ උපන් ඉබ්න් අල් අරාබී ස්වකීය අධ්‍යාපනය ලැබුවේ සෙවිල්හි දීය. තිස්අටවැනි විය පමණ වන විට මිසරය, අරාබිය, ඉරාකය, සුළු ආසියාව යන රටවල සංචාරය කොට සිටි මොහු අන්තිමේ දී දමස්කස් නුවර සිය ස්ථිර පදිංචිය කොටගත්තේය. ඉස්ලාම් ආගමිකයන් අතුරෙහි අග්‍රගණ්‍ය ඒකදේවවාදියකු වූ මොහු ඉස්ලාම් ධර්මය පිළිබඳ විශිෂ්ට රහස්‍යවාදී ලේඛකයකු වශයෙන් සම්මානයට පාත්‍ර වූයේය. ඔහුගේ කෘතීන් අතුරෙහි ප්‍රමුඛස්ථානයෙහි ලා ගැණෙන “අල් ඵුතූහාත් අල්-මක්කීයාත්” (මක්කම ශ්‍රැති) නම් කෘතිය ඉස්ලාම් රහස්‍යවාදී විශ්වාසයන් හා දර්ශනයන් පිළිබඳ සාමාන්‍ය විශ්වකෝෂයකැයි කිව හැකිය.