ඉබ්න් අතීර්

සිංහල විශ්වකෝෂය වෙතින්
11:12, 5 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මේ වූකලි අරාබි සාහිත්‍යය ආලෝකවත් කළ සහෝදරයන් තිදෙනකු හඳුන්වන කුල නාමයකි. ඔවුන්ගේ ජන්ම භූමිය වූයේ තුර්කිස්ථානයේ ජශීරත් ඉබ්න් උමාර් ප්‍රදේශයයි.

ඉබ්න් අතීර් සහෝදරවරුන්ගෙන් වැඩිමහලු තැනැත්තේ මජීද් උද්දීන්ය (1149–1210). ජීවන චරිත සහ ඉතිහාස සංග්‍රහයන් සකස් කළ ලේඛකයන් අතුරෙහි ගැනෙන මොහු ශබ්දකෝෂයක් සහ කුල නාම ශබ්දකෝෂයක් ද සම්පාදනය කෙළේය.

ඉබ්න් අතීර් යන හුදු නාමයෙන් වඩා ප්‍රසිද්ධියට පැමිණියේ අබු අල් හසන් ඉෂුද්දීන් මොහම්මද් ඉබ්න් අල් අතීර්ය (1160–1234). ඉතිහාසඥයකු වශයෙන් ඉතා උසස් තැනක් සතු මොහු විසින් ලියන ලද 'කාමිල්' නම් වූ කාණ්ඩත්‍රයකින් යුත් ග්‍රන්ථයෙහි 1231 දක්වා ඓතිහාසික තොරතුරු විස්තර කෙරේ.

බාල ම සොහොයුරු දියා උද්දීන් (1163–1239) අරාබි සාහිත්‍යයෙහි උසස් ම සෞන්දර්යවාදී විචාරකයෙකි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්න්_අතීර්&oldid=7997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි