ආහෝම්
සිංහල විශ්වකෝෂය වෙතින්
10:33, 6 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
බුරුමයේ තායි හෙවත් ෂාන් නමැති ගෝත්‍රයේ උපගෝත්රයක් වශයෙන් සිට ඉන් වෙන්ව ඇසෑම් ප්‍රදේශයට පැමිණි ජනයා ආහෝම්වරු යයි හැදින්වුණහ. ඔවුන් විසින් ඇසෑමයෙහි පිහිටුවා ගන්නා ලද රාජ්‍යය ආහෝම් රාජ්‍යය යයි ද හැදින්විණ. ඇසෑම් ප්‍රදේශයට සංක්‍රමණය වීමට පෙර ආහෝම් ගෝත්‍රිකයන් බුරුමයේ ඉහළ ඉරාවඩි නිම්නයේ මෞලුං නමැති ප්‍රදේශයේ ජීවත්ව සිටි බව පෙනේ. ආහෝම් ජනකථාවලට අනුව ආහෝම්වරුන් මෞලුං ප්‍රදේශයට පැමිණ ඇත්තේ හය වන සියවස හරියේ දීය. එහෙත් ඇසෑම් ප්‍රදේශයට සංක්‍රමණය වූ ආහෝම් කණ්ඩායම ප්‍රධාන කණ්ඩායමෙන් වෙන් වී ඇත්තේ දහතුන් වන සියවසේ මුල හරියේ දී බව පෙනේ. ආහෝම් රජවරුන් දෙවියන්ගෙන් පැවත එන්නන් බව ඔවුන්ගේ වංශ කථාවල සඳහන් වේ. ඇසෑමය යන නම ආහෝම් යන්නෙන් බිඳී ආවක් හැටියට සලකනු ලැබේ (ඇසෑමය - ඉතිහාසය බ.)
(සංස්කරණය: 1967)