ඇටවීරගොල්ලෑව

සිංහල විශ්වකෝෂය වෙතින්
15:45, 7 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උතුරු මැද පළාතේ නැගෙනහිර කඩවත් කෝරළයේ නුවරගම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

උතුරු මැද පළාතේ නැගෙනහිර කඩවත් කෝරළයේ නුවරගම් පළාතේ පිහිටි ගමකි. මැදවච්චියේ සිට මීට දුර සැතැපුම් එකොළොසකි. කිතුවසින් දසවන සියවසේ මුල් භාගයට අයත් ශිලාලිපියක් මේ ස්ථානයේ තිබී සොයාගෙන ඇත. සිව්වන දප්පුල (924-935) රජු විසින් එතුමාගේ රාජාභිෂේකයෙන් දසවන අවුරුද්දේ දී කරන ලද අත්තාණි පෙරහරක් පිළිබඳව එහි සඳහන් වේ. මේ අත්තාණි කණුවේ සඳහන් කොට ඇති වරප්‍රසාදයනට හිමිවූයේ දෙනා වෙහෙරෙහි (ජේතවනාරාමයෙහි) සිරිසඟබෝ රද් පිරිවෙනට අයත් වෙලන්ගම නම් ග්‍රාමයයි. ඇටවීරගොල්ලෑව අවට ප්‍රදේශය පෙර දී හැඳින්වූයේ වෙලන්ගම යනුවෙන් බව මෙයින් සිතා ගත හැකිය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇටවීරගොල්ලෑව&oldid=8034" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි