ජූලියා ඇග්‍රිපිනා
සිංහල විශ්වකෝෂය වෙතින්
16:04, 7 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ක්‍රි.ව.16–59). රෝමයේ නීරෝ අධිරාජයාගේ මවය. මෑ රෝම ඉ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(ක්‍රි.ව.16–59). රෝමයේ නීරෝ අධිරාජයාගේ මවය. මෑ රෝම ඉතිහාසයෙහි එන ඉතා ම ක්‍රෑර, ඉතා ම බලලෝභී ස්ත්‍රිය ලෙස සැලැකේ. මැයගේ මුල් සැමියා ඤීයස් ඩොමිටියස් අහීනුබාබුස්ය. පසියේනස් ක්‍රිස්පුස් නමැත්තකු සමඟ දෙවන වරට විවාපත් වූ ඕ ඔහු වස දී මරා තම මයිලණුවන් වූ ක්ලෝඩියස් අධිරාජයා හා සමඟ විවාහ වූවාය. ක්ලෝඩියගේ පුත්‍රයාට අධිරාජ්‍යය අහිමිකර තම පුත්‍ර නීරෝට එය පවරන සේ ක්ලෝඩියස් පොලඹවා ගත් ඕ පසුව ඔහු ද වස දී මරා නීරෝ අධිරාජ තනතුරට පත් කරවූවාය. අන්තිමේ දී සම්පූර්ණ පාලන බලය තම අතට ගැනීමට උත්සාහ දැරූ ඇගෙන් නීරෝට මහත් කරදර ඇති විය. එහෙයින් නීරෝ විසින් ඕ මරුමුවට පත් කරවනු ලැබුවාය.
(සංස්කරණය: 1967)