මාකස් විප්සේනියස් ඇග්‍රිපා

සිංහල විශ්වකෝෂය වෙතින්
16:05, 7 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ක්‍රි.පූ. 63–12). රෝම ජනරාල්වරයෙකි. ඔගස්ටස් (බ.) අධිරාජයාගේ බෑනණු කෙනෙකු වූ මොහු රෝම අධිරාජ්‍යය ගොඩනැඟීමෙහි ලා බෙහෙවින් උපස්තම්භක විය. ක්‍රි.පූ. 31 දී ඇක්ටියම්හි සිදු වූ තීරණාත්මක සටනින් මාක් ඇන්ටනි හා ක්ලියොපැට්රා පරාජයට පත් කොට ඔගස්ටස්ගේ ආධිපත්‍යය තහවුරු කරන ලද්දේ මොහු විසිනි.

ක්‍රි.පූ. 23 දී සිරියාවේ පාලකයා බවට පත් ඇග්‍රිපා ස්වකීය මැදහත් පාලනය නිසා එහි වැසියාගේ හොඳ හිත දිනාගත්තේය.

රෝමයෙහි කලාකෘතීන් මහජනයා හමුවෙහි ප්‍රදර්ශනය කරවීමට කටයුතු කළ ප්‍රථම තැනැත්තා මොහු වශයෙන් සලකනු ලැබේ.

(සංස්කරණය: 1967)