ඇඤ්ජ'ස්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:23, 8 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ආංෂේ). බටහිර ප්‍රංසයේ වර්තමාන මේන්-ඒ-ල්වාර් පළාතේ අගනුවරයි. පිහිටා තිබෙන්නේ මේන් ගඟබඩය. අඤ්ජු පළාතේ පැරැණි අගනුවර හෙයින් ඓතිහාසික වැදගත්කමකින් ද යුක්තය. රෝම සමයෙහි දී ජූලියෝ මාගුස් නමින් ද හඳුන්වනු ලැබූ මේ නගරය 12 වැනි ශත වර්ෂයේ දී ඉංග්‍රීසි රජවරුනට හිමිව තිබිණි. 15 වැනි ශතවර්ෂයේ දී ඉංග්‍රීසි-ප්‍රංස යුද්ධවල දී ද 16 වැනි ශත වර්ෂයේ දී ආගමික යුද්ධවල දී ද සටන් බිම වූ ඇඤ්ජ'ස් නගරය වෝටර්ලූ සටනින් පසු ප්‍රසියාවට හිමි විය. දෙවැනි ලෝක සංග්‍රාමයේ දී ජර්මන් ප්‍රහාරවලට ලක් වූ අඤ්ජ'ස් නගරය පසුව ඇමෙරිකානු හමුදාවල මධ්‍යස්ථානයක් ද විය.

ප්‍රංසයේ ඉතාම රමණීය නගරවලින් එකක් වන මෙහි සාන්ත මොරිස් ආසන දෙව් මැදුර ආදි ඓතිහාසික ගොඩනැඟිලි කීපයක් ම වෙයි.

දුම්රිය ගමනාගමන සේවා දියුණු වීමෙන් පසු ඇඤ්ජ'ස් වැදගත් කාර්මික නගරයක් ද වී ඇත්තේය. එහි ජනගහනය 1954 දී 10,200ක් පමණ විය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇඤ්ජ%27ස්&oldid=8054" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි