ඉම්රෝස්

සිංහල විශ්වකෝෂය වෙතින්
10:07, 2 ජූනි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඊජියානු මුහුදේ ඊශාන දිග්භාගයෙහි ගැලිපොලි අර්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඊජියානු මුහුදේ ඊශාන දිග්භාගයෙහි ගැලිපොලි අර්ධද්වීපයට බටහිරින් පිහිටා ඇති කුඩා දූපතකි. ප්‍රමාණය ව.සැ. 99කි. ජනගහනය 10,000ක් පමණ වේ. කඳු සහිත දිවයිනක් වූ මෙහි උස ම කඳු මුදුන මුහුදු මට්ටමේ සිට අඩි 1,959ක් පමණ වේ. තිරිඟු, ඕට්, බාර්ලි, ඔලිව් සහ මිදි වගාකිරීම ද මසුන් මැරීම ද මෙහි ප්‍රධාන රක්ෂාය. මෙහි ප්‍රධාන නගරය කස්ත්‍රෝන්ය.

තුර්කියට අයත්ව පැවති මේ දිවයින 1912-14 කාලයේ දී ග්‍රීසියෙත් ප්‍රථම ලෝක සංග්‍රාමයේ ගැලිපොලි සටන් අවධියේ දී (1915-16) බ්‍රිතාන්‍යයේත් අත්අඩංගුව යටතට පත් විය. 1923 දී මෙය ආපසු තුර්කියට පවරා දෙනු ලැබිණ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉම්රෝස්&oldid=8136" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි