ඉයොසීන්
සිංහල විශ්වකෝෂය වෙතින්
10:15, 2 ජූනි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Eosine). මේ රසායන සංයෝගයේ රසායනික සූත්‍රය C20H8O5Br4 ය. එහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(Eosine). මේ රසායන සංයෝගයේ රසායනික සූත්‍රය C20H8O5Br4 ය. එහි අණුක භාරය 648.84කි. ඉයොසීන් ස්ඵටික සංයෝගයකි. එහි සූචි හැඩැති ත්‍රියානති (triclinic) ස්ඵටික රතුපාටය; ජලයේ අද්‍රාව්‍යය. එහෙත් මේ ස්ඵටික ඇල්කොහොලයෙහි ද ක්ෂාරවල ද අම්ලවල ද ද්‍රාව්‍යය. සායමක් වශයෙන් ද පරිමාමිතික විශ්ලේෂණයේ (volumetric analysis) දී උපයෝගී කොට ගන්නා දර්ශකයක් (indicator) වශයෙන් ද ඉයොසීන් යොදනු ලැබේ. ක්ෂාරයකට ඉයොසීන් එකතු කළ විට කොළපාටට හුරු ප්‍රතිදීප්තියක් (fluorescence) ඇති වේ. අම්ලයකට ඉයොසීන් එකතු කළ විට අම්ලය කහපාට වේ. ටෙට්රබ්රොම්ප්ලුවොරෙසීන් (tetrabromfluorescein) යන නාමය ද ඉයොසීන්වලට භාවිතා කෙරේ.
(සංස්කරණය: 1970)