ඉරණමඩු
සිංහල විශ්වකෝෂය වෙතින්
10:19, 2 ජූනි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උතුරු පළාතේ කනකරායන් ආරු නමැති ගඟ හරහා වේල්ලක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
උතුරු පළාතේ කනකරායන් ආරු නමැති ගඟ හරහා වේල්ලක් බැඳ තනා ඇති පැරණි වැවකි. මෙහි ඓතිහාසික තොරතුරු තව ම අනාවරණය වී නැත.
මෙම ශත වර්ෂයේ මුල් භාගයේ දී බ්‍රිතාන්‍යයන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වාරි කර්මාන්ත අතුරෙහි ඉරණමඩු ද වැදගත් වේ. ඉරණමඩු හා දිරිආරුකුලම් යන වැව් ආශ්‍රිතව කරච්චි සංවර්ධන ව්‍යාපාරය නම් වාරිමාර්ග වැඩ පිළිවෙළක් ඇත. අනුරාධපුරය-යාපනය මහාමාර්ගයේ 153 වැනි සැතපුම් කණුවට සැ. 2ක් පමණ නැගෙනහිරින් කනකරායන් ආරු ගඟ හරහා ප්‍රතිසංස්කරණය කර බැඳි වේල්ල නිසා මෙකල ඉරණමඩු වැව දිගින් සැතපුම් 5 ½ක් පමණ වේ. මෙහි වැව් කණ්ඩිය අඩි 9,900ක් දිගය. අක්කර 5,750ක් විශාල වූ මෙහි ධාරිතාව අක්කර අඩි 82,000කි. දිරිආරුකුලම් වැවෙන් ජල සම්පාදනය වන පෙදෙස ද ඇතුළුව අක්කර 10,600කට පමණ එයින් වාරිමාර්ග පහසුකම් සැලසේ.
(සංස්කරණය: 1970)