ඉප්පෙන්

සිංහල විශ්වකෝෂය වෙතින්
08:26, 12 ජූනි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1239-1289). ජපන් ජාතික බෞද්ධ භික්ෂු නමකි. ජි-ෂු නිකාය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1239-1289). ජපන් ජාතික බෞද්ධ භික්ෂු නමකි. ජි-ෂු නිකායයේ ආදිකර්තෘ වූ මුන්වහන්සේ චිෂින්, යුග්යෝ-ෂෝනින් යන නාමයන්ගෙන් ද ප්‍රසිඬයහ. සෙයිතත්සු ෂෝනින් තෙරුන්ගෙන් ජෝදෝ නිකායික ධර්මය උගත් මුන්වහන්සේ ජපානයෙහි නොයෙක් ප්‍රදේශවල ධර්ම ප්‍රචාරයෙහි යෙදුණහ. එතුමෝ ජපන් බෞද්ධයන්ගේ අතිශය ගෞරවයට පාත්‍ර වූවාහු එන්ෂෝ-තායිෂී නම් ගරුනාමය ද ලැබගත්හ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉප්පෙන්&oldid=8203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි