ඊදර්
සිංහල විශ්වකෝෂය වෙතින්
14:25, 25 ජූනි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්දියානු සමූහාණ්ඩුවේ ගුජරාථ රාජ්‍යයෙහි සාබ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ඉන්දියානු සමූහාණ්ඩුවේ ගුජරාථ රාජ්‍යයෙහි සාබර්කාංඨ දිස්ත්‍රික්කයෙහි තාලුක් කොට්ඨාසයකි. වර්ග සැතැපුම් 422ක් පමණ වූ මෙහි ජනගහනය (1961) 154,024කි. දේශගුණය වියළි වුව ද පස සාරවත් හෙයින් කපු, මිලට්, උක් ආදි බෝග වැවීම දියුණුය. මෙහි ඊදර් නම් නගරයක් ද ඇත. හිමත්නගර් සාබර්කාංඨ දිස්ත්‍රික්කයේ අගනුවර වීමට පෙර එය එහි අගනුවර විය.
(සංස්කරණය: 1970)