ඊවාගේ

සිංහල විශ්වකෝෂය වෙතින්
14:49, 25 ජූනි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Ibague). කොලොම්බියාවේ ටොලීමා (Tolima) පළාතේ ප්‍රධාන නගර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Ibague). කොලොම්බියාවේ ටොලීමා (Tolima) පළාතේ ප්‍රධාන නගරයයි. බෝගොටා නගරයට සැතැපුම් 60ක් පමණ බටහිර දිගින් කින්ඩීයෝ (Quindio) කඳු පාමුල මුහුදු මට්ටමින් අඩි 4,300ක් පමණ උස් වූ කුඩා නිම්නයක පිහිටි මෙම නගරය දර්ශනීයයි. භූමිය උස් හෙයින් මෙහි දේශගුණය සිසිල්ය. නගරය අවට පෙදෙස්හි කොකෝවා, දුම්, වී, උක් ආදි බෝග රාශියක් වගා කෙරෙන හෙයින් මෙහි වෙළෙඳ කටයුතු බහුලය. කින්ඩීයෝ දුර්ගය ඔස්සේ කෞකා (Cauca) නිම්නයට යන මාර්ගය ඊවාගේ ඔස්සේ වැටී ඇති නිසා වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් නගරය වඩාත් වැදගත් වේ. 1550 දී ආන්දෝස් ලෝපේස් ද ගලාර්සා (Andres Lopez le Galarza) විසින් පිහිටුවනු ලැබූ මේ නගරයෙහි එවක ස්පාඤ්ඤ ජාතිකයන් හා රතු ඉන්දියන්වරුන් අතර නිතර අරගළ ඇති විය. ජනගහනය (1964) 163,661කි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඊවාගේ&oldid=8281" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි